අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.5.4.8. සාවජ්ජ – අනවජ්ජ කම්ම සුත්තං

4.5.4.8. වැරදි – නිවැරදි කර්මය ගැන වදාළ දෙසුම

මහණෙනි, කරුණු සතරකින් සමන්විත වූ පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන පරිද්දෙන් නිරයෙහි උපදින්නේ ය. ඒ කවර සතරකින් ද යත්;

වැරදි කාය කර්මයෙන් ය. වැරදි වචී කර්මයෙන් ය. වැරදි මනෝ කර්මයෙන් ය. වැරදි දෘෂ්ටියෙන් ය.

මහණෙනි, මේ කරුණු සතරින් සමන්විත වූ පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන පරිද්දෙන් නිරයෙහි උපදින්නේ ය.

මහණෙනි, කරුණු සතරකින් සමන්විත වූ පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන පරිද්දෙන් සුගතියෙහි උපදින්නේ ය. ඒ කවර සතරකින් ද යත්;

නිවැරදි කාය කර්මයෙන් ය. නිවැරදි වචී කර්මයෙන් ය. නිවැරදි මනෝ කර්මයෙන් ය. නිවැරදි දෘෂ්ටියෙන් ය.

මහණෙනි, මේ කරුණු සතරින් සමන්විත වූ පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන පරිද්දෙන් සුගතියෙහි උපදින්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

සාවජ්ජ-අනවජ්ජ කම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M