මහණෙනි, ඔබට අසත්පුරුෂයා ගැන ත්, අසත්පුරුෂයාට ත් වඩා අසත්පුරුෂයා ගැන ත්, සත්පුරුෂයා ගැන ත්, සත්පුරුෂයාට ත් වඩා සත්පුරුෂයා ගැන ත් දේශනා කරන්නෙමි. එය අසව්. ….(පෙ)….
මහණෙනි, අසත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් සතුන් මරන්නේ වෙයි. සොරකම් කරන්නේ වෙයි. වැරදි කාම සේවනයෙහි යෙදෙන්නේ වෙයි. බොරු කියන්නේ වෙයි. කේලාම් කියන්නේ වෙයි. දරුණු වචන කියන්නේ වෙයි. නිසරු බස් කියන්නේ වෙයි. මහණෙනි, මොහු අසත්පුරුෂයා යැයි කියනු ලැබේ.
මහණෙනි, අසත්පුරුෂයාට ත් වඩා අසත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමා ත් සතුන් මරන්නේ වෙයි. අන්‍යයන් ද සතුන් මැරීමෙහි යොදවන්නේ වෙයි. තමා ත් සොරකම් කරන්නේ වෙයි. අන්‍යයන් ද සොරකම් කිරීමෙහි යොදවන්නේ වෙයි. තමා ත් වැරදි කාම සේවනයෙහි යෙදෙන්නේ වෙයි. අන්‍යයන් ද වැරදි කාම සේවනයෙහි යොදවන්නේ වෙයි. තමා ත් බොරු කියන්නේ වෙයි. අන්‍යයන් ද බොරු කීමෙහි යොදවන්නේ වෙයි. තමා ත් කේලාම් කියන්නේ වෙයි. අන්‍යයන් ද කේලාම් කීමෙහි යොදවන්නේ වෙයි. තමා ත් පරුෂ වචන කියන්නේ වෙයි. අන්‍යයන් ද පරුෂ වචන කීමෙහි යොදවන්නේ වෙයි. තමා ත් නිසරු බස් කියන්නේ වෙයි. අන්‍යයන් ද නිසරු බස් කීමෙහි යොදවන්නේ වෙයි. මහණෙනි, මොහු අසත්පුරුෂයාට ත් වඩා අසත්පුරුෂයා යැයි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයි. වැරදි කාම සේවනයෙහි යෙදීමෙන් වැළකුණේ වෙයි. බොරු කීමෙන් වැළකුණේ වෙයි. කේලාම් කීමෙන් වැළකුණේ වෙයි. දරුණු වචන කීමෙන් වැළකුණේ වෙයි. නිසරු බස් කීමෙන් වැළකුණේ වෙයි. මහණෙනි, මොහු සත්පුරුෂයා යැයි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂයාට ත් වඩා සත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමා ත් සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. අන්‍යයන් ද සතුන් මැරීමෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. තමා ත් සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයි. අන්‍යයන් ද සොරකම් කිරීමෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. ….(පෙ)…. තමා ත් කේලාම් කීමෙන් වැළකුණේ වෙයි. අන්‍යයන් ද කේලාම් කීමෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. තමා ත් දරුණු වචන කීමෙන් වැළකුණේ වෙයි. අන්‍යයන් ද දරුණු වචන කීමෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. තමා ත් නිසරු බස් කීමෙන් වැළකුණේ වෙයි. අන්‍යයන් ද නිසරු බස් කීමෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. මහණෙනි, මොහු සත්පුරුෂයාට ත් වඩා සත්පුරුෂයා යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
තතිය සප්පුරිස සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M