මහණෙනි, ඔබට අසත්පුරුෂයා ගැන ත්, අසත්පුරුෂයාට ත් වඩා අසත්පුරුෂයා ගැන ත්, සත්පුරුෂයා ගැන ත්, සත්පුරුෂයාට ත් වඩා සත්පුරුෂයා ගැන ත් දේශනා කරන්නෙමි. එය අසව්. ….(පෙ)….
මහණෙනි, අසත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් සැදැහැ නැත්තේ වෙයි. ලැජ්ජා නැත්තේ වෙයි. පවට භය නැත්තේ වෙයි. කුසීත වෙයි. මුලා සිහි ඇත්තේ වෙයි. ප්‍රඥා රහිත වූයේ වෙයි. මහණෙනි, මොහු අසත්පුරුෂයා යැයි කියනු ලැබේ.
මහණෙනි, අසත්පුරුෂයාට ත් වඩා අසත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමා ත් සැදැහැ නැත්තේ වෙයි. අන්‍යයන් ව ද ශ්‍රද්ධාව නැති කිරීම පිණිස සමාදන් කරවයි. තමා ත් ලැජ්ජා නැත්තේ වෙයි. අන්‍යයන් ව ද ලැජ්ජාව නැති කිරීම පිණිස සමාදන් කරවයි. තමා ත් පවට භය නැත්තේ වෙයි. අන්‍යයන් ව ද පවට භය නැති කිරීම පිණිස සමාදන් කරවයි. තමා ත් කුසීත වෙයි. අන්‍යයන් ව ද කුසීත බව පිණිස සමාදන් කරවයි. තමා ත් මුලා සිහි ඇත්තේ වෙයි. අන්‍යයන් ව ද සිහි මුලා කිරීම පිණිස සමාදන් කරවයි. තමා ත් ප්‍රඥා රහිත වූයේ වෙයි. අන්‍යයන් ව ද දුෂ්ප්‍රාඥ බවෙහි සමාදන් කරවයි. මහණෙනි, මොහු අසත්පුරුෂයාට ත් වඩා අසත්පුරුෂයා යැයි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් සැදැහැ ඇත්තේ වෙයි. ලැජ්ජා ඇත්තේ වෙයි. පවට භය ඇත්තේ වෙයි. අරඹන ලද වීරිය ඇත්තේ වෙයි. සිහි ඇත්තේ වෙයි. ප්‍රඥාවන්ත වූයේ වෙයි. මහණෙනි, මොහු සත්පුරුෂයා යැයි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂයාට ත් වඩා සත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමා ත් සැදැහැ ඇත්තේ වෙයි. අන්‍යයන් ව ද ශ්‍රද්ධාව ඇති කිරීම පිණිස සමාදන් කරවයි. තමා ත් ලැජ්ජා ඇත්තේ වෙයි. අන්‍යයන් ව ද ලැජ්ජාව ඇති කිරීම පිණිස සමාදන් කරවයි. තමා ත් පවට භය ඇත්තේ වෙයි. අන්‍යයන් ව ද පවට භය ඇති කිරීම පිණිස සමාදන් කරවයි. තමා ත් පටන් ගත් වීරිය ඇත්තේ වෙයි. අන්‍යයන් ව ද ආරද්ධ වීරිය පිණිස සමාදන් කරවයි. තමා ත් සිහි ඇත්තේ වෙයි. අන්‍යයන් ව ද සිහිය පිණිස සමාදන් කරවයි. තමා ත් ප්‍රඥාවන්ත වූයේ වෙයි. අන්‍යයන් ව ද ප්‍රඥාවෙහි සමාදන් කරවයි. මහණෙනි, මොහු සත්පුරුෂයාට ත් වඩා සත්පුරුෂයා යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
දුතිය සප්පුරිස සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M