සැවැත් නුවර දී ය …….
මහණෙනි, ඔබට අසත්පුරුෂයා ගැන ත්, අසත්පුරුෂයාට ත් වඩා අසත්පුරුෂයා ගැන ත්, සත්පුරුෂයා ගැන ත්, සත්පුරුෂයාට ත් වඩා සත්පුරුෂයා ගැන ත් දේශනා කරන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. කියන්නෙමි. ‘එසේය ස්වාමීනී’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, අසත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් සතුන් මරන්නේ වෙයි. සොරකම් කරන්නේ වෙයි. වැරදි කාම සේවනයෙහි යෙදෙන්නේ වෙයි. බොරු කියන්නේ වෙයි. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ වෙයි. මහණෙනි, මොහු අසත්පුරුෂයා යැයි කියනු ලැබේ.
මහණෙනි, අසත්පුරුෂයාට ත් වඩා අසත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමා ත් සතුන් මරන්නේ වෙයි. අන්‍යයන් ද සතුන් මැරීමෙහි යොදවන්නේ වෙයි. තමා ත් සොරකම් කරන්නේ වෙයි. අන්‍යයන් ද සොරකම් කිරීමෙහි යොදවන්නේ වෙයි. තමා ත් වැරදි කාම සේවනයෙහි යෙදෙන්නේ වෙයි. අන්‍යයන් ද වැරදි කාම සේවනයෙහි යොදවන්නේ වෙයි. තමා ත් බොරු කියන්නේ වෙයි. අන්‍යයන් ද බොරු කීමෙහි යොදවන්නේ වෙයි. තමා ත් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ වෙයි. අන්‍යයන් ද මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙහි යොදවන්නේ වෙයි. මහණෙනි, මොහු අසත්පුරුෂයාට ත් වඩා අසත්පුරුෂයා යැයි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයි. වැරදි කාම සේවනයෙහි යෙදීමෙන් වැළකුණේ වෙයි. බොරු කීමෙන් වැළකුණේ වෙයි. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණේ වෙයි. මහණෙනි, මොහු සත්පුරුෂයා යැයි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂයාට ත් වඩා සත්පුරුෂයා යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමා ත් සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. අන්‍යයන් ද සතුන් මැරීමෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. තමා ත් සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයි. අන්‍යයන් ද සොරකම් කිරීමෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. තමා ත් වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි. අන්‍යයන් ද වැරදි කාම සේවනයෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. තමා ත් බොරු කීමෙන් වැළකුණේ වෙයි. අන්‍යයන් ද බොරු කීමෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. තමා ත් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකුණේ වෙයි. අන්‍යයන් ද මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. මහණෙනි, මොහු සත්පුරුෂයාට ත් වඩා සත්පුරුෂයා යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
සප්පුරිස සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-5-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M