අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.4.9. සච්ඡිකරණීය සුත්තං

4.4.4.9. අත්දැකිය යුතු දෑ ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ………..

මහණෙනි, මේ අත්දැකිය යුතු ධර්මයෝ සතරකි. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, කයෙන් අත්දැකිය යුතු ධර්මයෝ ඇත. මහණෙනි, සිහියෙන් අත්දැකිය යුතු ධර්මයෝ ඇත. මහණෙනි, දිවැසින් අත්දැකිය යුතු ධර්මයෝ ඇත. මහණෙනි, ප්‍රඥාවෙන් අත්දැකිය යුතු ධර්මයෝ ඇත.

1. මහණෙනි, කයෙන් අත්දැකිය යුතු ධර්මයෝ මොනවා ද? මහණෙනි, කයෙන් අත්දැකිය යුත්තේ අෂ්ට විමෝක්ෂයන් ය.

2. මහණෙනි, සිහියෙන් අත්දැකිය යුතු ධර්මයෝ මොනවා ද? මහණෙනි, සිහියෙන් අත්දැකිය යුත්තේ පෙර විසූ කඳ පිළිවෙල යි.

3. මහණෙනි, දිවැසින් අත්දැකිය යුතු ධර්මයෝ මොනවා ද? මහණෙනි, දිවැසින් අත්දැකිය යුත්තේ සත්වයන්ගේ චුතවීම ත්, ඉපදීම ත් ය.

4. මහණෙනි, ප්‍රඥාවෙන් අත්දැකිය යුතු ධර්මයෝ මොනවා ද? මහණෙනි, ප්‍රඥාවෙන් අත්දැකිය යුත්තේ ආශ්‍රවයන් ක්ෂය වීම යි.

මහණෙනි, මේ වනාහී අත්දැකිය යුතු ධර්මයෝ සතර යි.

සාදු! සාදු!! සාදු!!!

සච්ඡිකරණීය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M