මහණෙනි, කරුණු සතරකට ලෝකයෙහි ශ්රමණයෙක් වේවා, බ්රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්රහ්මයෙක් වේවා, කිසිවෙක් වේවා ඇපකාරයෙක් නැත්තේ ය. ඒ කවර කරුණු සතරකට ද යත්;
1. මහළු වන ස්වභාවයෙන් යුතු දෙය මහළු බවට පත් නොවේවා යි ලෝකයෙහි ශ්රමණයෙක් වේවා, බ්රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්රහ්මයෙක් වේවා, කිසිවෙක් වේවා ඇපකාරයෙක් නැත්තේ ය.
2. රෝගී වන ස්වභාවයෙන් යුතු දෙය රෝගී බවට පත් නොවේවා යි ලෝකයෙහි ශ්රමණයෙක් වේවා, බ්රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්රහ්මයෙක් වේවා, කිසිවෙක් වේවා ඇපකාරයෙක් නැත්තේ ය.
3. මැරී යන ස්වභාවයෙන් යුතු දෙය මරණයට පත් නොවේවා යි ලෝකයෙහි ශ්රමණයෙක් වේවා, බ්රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්රහ්මයෙක් වේවා, කිසිවෙක් වේවා ඇපකාරයෙක් නැත්තේ ය.
4. කෙලෙස් සහිත වූ, පුනර්භවය ලබා දෙන, දුක් සහිත, දුක් විපාක සහිත, අනාගතයෙහි ඉපදීම ජරා මරණ ඇති කරදෙන යම් පාප කර්මයෝ ඇද්ද, ඒ පාප කර්මයන්ගේ විපාකය හට නොගනීවා යි ලෝකයෙහි ශ්රමණයෙක් වේවා, බ්රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්රහ්මයෙක් වේවා, කිසිවෙක් වේවා ඇපකාරයෙක් නැත්තේ ය.
මහණෙනි, මේ කරුණු සතරට ලෝකයෙහි ශ්රමණයෙක් වේවා, බ්රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්රහ්මයෙක් වේවා, කිසිවෙක් වේවා ඇපකාරයෙක් නැත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
පාටිභෝග සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M