මහණෙනි, සැදැහැවත් භික්ෂුව මැනැවින් ප්රාර්ථනා කරන්නේ නම්, මේ අයුරින් ප්රාර්ථනා කරන්නේ වෙයි. ‘සාරිපුත්ත මොග්ගල්ලානයන් වහන්සේලා යම් බඳු වෙත් නම් මම් ද එබඳු කෙනෙක් වෙම් වා’ යි. මහණෙනි, යම් මේ සාරිපුත්ත මොග්ගල්ලානයෝ වෙත් ද, මාගේ ශ්රාවක භික්ෂූන් හට මෙකරුණ කිරා බලන දෙය වෙයි. මෙය මිනුම් දණ්ඩ වෙයි.
මහණෙනි, සැදැහැවත් භික්ෂුණිය මැනැවින් ප්රාර්ථනා කරන්නී නම්, මේ අයුරින් ප්රාර්ථනා කරන්නී වෙයි. ‘ඛේමා භික්ෂුණිය ත්, උප්පලවණ්ණා භික්ෂුණිය ත් යම් බඳු වෙත් නම් මම් ද එබඳු කෙනෙක් වෙම් වා’ යි. මහණෙනි, යම් මේ ඛේමාවෝ හා උප්පලවණ්ණාවෝ වෙත් ද, මාගේ ශ්රාවිකා භික්ෂුණීන් හට මෙකරුණ කිරා බලන දෙය වෙයි. මෙය මිනුම් දණ්ඩ වෙයි.
මහණෙනි, සැදැහැවත් උපාසක තෙමේ මැනැවින් ප්රාර්ථනා කරන්නේ නම්, මේ අයුරින් ප්රාර්ථනා කරන්නේ වෙයි. ‘චිත්ත ගෘහපති, හත්ථක ආලවක යම් බඳු වෙත් නම් මම් ද එබඳු කෙනෙක් වෙම් වා’ යි. මහණෙනි, යම් මේ චිත්ත ගෘහපති හා හත්ථක ආලවක වෙත් ද, මාගේ ශ්රාවක උපාසකයන් හට මෙකරුණ කිරා බලන දෙය වෙයි. මෙය මිනුම් දණ්ඩ වෙයි.
මහණෙනි, සැදැහැවත් උපාසිකාව මැනැවින් ප්රාර්ථනා කරන්නී නම්, මේ අයුරින් ප්රාර්ථනා කරන්නී වෙයි. ‘ඛුජ්ජුත්තරා ව හා වේළුකණ්ඨකියෙහි නන්ද මාතාව යම් බඳු වෙත් නම් මම් ද එබඳු කෙනෙක් වෙම් වා’ යි. මහණෙනි, යම් මේ ඛුජ්ජුත්තරාව සහ වේළුකණ්ඨකියෙහි නන්ද මාතාව වෙත් ද, මාගේ ශ්රාවිකා උපාසිකාවන් හට මෙකරුණ කිරා බලන දෙය වෙයි. මෙය මිනුම් දණ්ඩ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
ආයාචමාන සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M