මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;
මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් මේ ජීවිතයේ දී ම සසංඛාර පරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් මරණයෙන් පසු සසංඛාර පරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් මේ ජීවිතයේ දී ම අසංඛාර පරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් මරණයෙන් පසු අසංඛාර පරිනිබ්බායී වෙයි.
1. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් මේ ජීවිතයේ දී ම සසංඛාර පරිනිබ්බායී වෙයි ද? මහණෙනි, මෙහිලා භික්ෂුව කය පිළිබඳ ව අසුභය නුවණින් දකිමින් වාසය කරයි. ආහාරය පිළිබඳ ව පිළිකුල් හැඟීම ඇත්තේ වෙයි. සියළු ලෝකය පිළිබඳ ව නොඇළුණු හැඟීම ඇත්තේ වෙයි. සියළු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් නුවණින් බලන්නේ වෙයි. ඔහුගේ සිතෙහි මරණය පිළිබඳ හැඟීම මැනැවින් පිහිටියේ වෙයි. හේ මේ පංච සේඛ බලයන් ඇසුරු කොට වාසය කරයි. එනම් ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය සහ ප්‍රඥා බලය යි. ඔහුට මේ පංච ඉන්ද්‍රියන් බලවත් ව ඇති වෙයි. එනම් සද්ධා ඉන්ද්රිය, විරිය ඉන්ද්රිය, සති ඉන්ද්රිය, සමාධි ඉන්ද්රිය සහ ප්‍රඥා ඉන්ද්රිය යි. හේ මේ පංච ඉන්ද්රියයන් බලවත් ව හටගත් බැවින් මේ ජීවිතයේ දී සසංඛාර පරිනිබ්බායී වෙයි. මහණෙනි, පුද්ගලයෙක් මේ ජීවිතයේදී ම සසංඛාර පරිනිබ්බායී වන්නේ ඔය අයුරිනි.
2. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් මරණින් මතු සසංඛාර පරිනිබ්බායී වෙයි ද? මහණෙනි, මෙහිලා භික්ෂුව කය පිළිබඳ ව අසුභය නුවණින් දකිමින් වාසය කරයි. ආහාරය පිළිබඳ ව පිළිකුල් හැඟීම ඇත්තේ වෙයි. සියළු ලෝකය පිළිබඳ ව නොඇළුණු හැඟීම ඇත්තේ වෙයි. සියළු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් නුවණින් බලන්නේ වෙයි. ඔහුගේ සිතෙහි මරණය පිළිබඳ හැඟීම මැනැවින් පිහිටියේ වෙයි. හේ මේ පංච සේඛ බලයන් ඇසුරු කොට වාසය කරයි. එනම් ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය සහ ප්‍රඥා බලය යි. ඔහුට මේ පංච ඉන්ද්‍රියන් මෘදු වශයෙන් ඇති වෙයි. එනම් සද්ධා ඉන්ද්රිය, විරිය ඉන්ද්රිය, සති ඉන්ද්රිය, සමාධි ඉන්ද්රිය සහ ප්‍රඥා ඉන්ද්රිය යි. හේ මේ පංච ඉන්ද්රියයන් මෘදු වශයෙන් හටගත් බැවින් මරණින් මතු සසංඛාර පරිනිබ්බායී වෙයි. මහණෙනි, පුද්ගලයෙක් මරණින් මතු සසංඛාර පරිනිබ්බායී වන්නේ ඔය අයුරිනි.
3. මහණෙනි, කෙසේ නම් පුද්ගලයෙක් මේ ජීවිතයේ දී ම අසංඛාර පරිනිබ්බායී වෙයි ද? මහණෙනි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව, ….(පෙ)…. සතර වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. හේ මේ පංච සේඛ බලයන් ඇසුරු කොට වාසය කරයි. එනම් ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය සහ ප්‍රඥා බලය යි. ඔහුට මේ පංච ඉන්ද්‍රියන් බලවත් ව ඇති වෙයි. එනම් සද්ධා ඉන්ද්රිය, විරිය ඉන්ද්රිය, සති ඉන්ද්රිය, සමාධි ඉන්ද්රිය සහ ප්‍රඥා ඉන්ද්රිය යි. හේ මේ පංච ඉන්ද්රියයන් බලවත් ව හටගත් බැවින් මේ ජීවිතයේ දී ම අසංඛාර පරිනිබ්බායී වෙයි. මහණෙනි, පුද්ගලයෙක් මේ ජීවිතයේ දී ම අසංඛාර පරිනිබ්බායී වන්නේ ඔය අයුරිනි.
4. මහණෙනි, කෙසේ නම් පුද්ගලයෙක් මරණින් මතු අසංඛාර පරිනිබ්බායී වෙයි ද? මහණෙනි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව, ….(පෙ)…. සතර වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. හේ මේ පංච සේඛ බලයන් ඇසුරු කොට වාසය කරයි. එනම් ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය සහ ප්‍රඥා බලය යි. ඔහුට මේ පංච ඉන්ද්‍රියන් මෘදු වශයෙන් ඇති වෙයි. එනම් සද්ධා ඉන්ද්රිය, විරිය ඉන්ද්රිය, සති ඉන්ද්රිය, සමාධි ඉන්ද්රිය සහ ප්‍රඥා ඉන්ද්රිය යි. හේ මේ පංච ඉන්ද්රියයන් මෘදු ලෙස හටගත් බැවින් මරණින් මතු අසංඛාර පරිනිබ්බායී වෙයි. මහණෙනි, පුද්ගලයෙක් මරණින් මතු අසංඛාර පරිනිබ්බායී වන්නේ ඔය අයුරිනි.
මහණෙනි, මේ වනාහී ලෝකයේ විද්‍යමානව සිටින පුද්ගලයෝ සතර දෙනා ය.
සාදු! සාදු!! සාදු!!!
කිලේස පරිනිබ්බාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M