එකල්හී ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට වැඩියහ. වැඩම කොට ආයුෂ්මත් සාරිපුත්තයන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව වැඩහුන්හ. එකත්පස් ව වැඩහුන් ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙය වදාළහ.
“ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මේ ප්‍රතිපදාවෝ සතරකි. ඒ කවර සතරක් ද යත්;
දුක් වූ ප්‍රතිපදාවෙන් සෙමින් ලබන අවබෝධය ඇති බව ය. දුක් වූ ප්‍රතිපදාවෙන් වහා ලබන අවබෝධය ඇති බව ය. සැප වූ ප්‍රතිපදාවෙන් සෙමින් ලබන අවබෝධය ඇති බව ය. සැප වූ ප්‍රතිපදාවෙන් වහා ලබන අවබෝධය ඇති බව ය.
ආයුෂ්මත, මේ වනාහී සතරක් වූ ප්‍රතිපදාවෝ ය. ආයුෂ්මත, මේ සතරක් වූ ප්‍රතිපදාවන්ගෙන් කවර වූ ප්‍රතිපදාවකට පැමිණීමෙන් ද ඔබගේ සිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වූයේ?”
“ආයුෂ්මත් මොග්ගල්ලානයෙනි, මේ ප්‍රතිපදාවෝ සතරකි. ඒ කවර සතරක් ද යත්;
දුක් වූ ප්‍රතිපදාවෙන් සෙමින් ලබන අවබෝධය ඇති බව ය. දුක් වූ ප්‍රතිපදාවෙන් වහා ලබන අවබෝධය ඇති බව ය. සැප වූ ප්‍රතිපදාවෙන් සෙමින් ලබන අවබෝධය ඇති බව ය. සැප වූ ප්‍රතිපදාවෙන් වහා ලබන අවබෝධය ඇති බව ය.
ආයුෂ්මත, මේ වනාහී සතරක් වූ ප්‍රතිපදාවෝ ය. ආයුෂ්මත, මේ සතරක් වූ ප්‍රතිපදාවන්ගෙන් යම් මේ ප්‍රතිපදාවක් සැපවත් වූයේ ද වහා ලබන අවබෝධය ඇත්තේ ද මේ ප්‍රතිපදාවට පැමිණීමෙන් ය මාගේ සිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වූයේ.”
සාදු! සාදු!! සාදු!!!
සාරිපුත්ත පටිපදා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M