අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.4.1.6. අසංඛෙය්ය සුත්තං

4.4.1.6. ගිණිය නොහැකි තරම් කාලය ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ කල්පයෙහි මේ ගිණිය නොහැකි තරම් කාල සතරකි. ඒ කවර සතරක් ද යත්;

1. මහණෙනි, යම් කලෙක කල්පය වැනසෙයි ද, ඒ වැනසෙන කාලය වර්ෂ මෙපමණකි, වර්ෂ මෙපමණ සිය ගණනකි, වර්ෂ මෙපමණ දහස් ගණනකි, වර්ෂ මෙපමණ ලක්ෂ ගණනකි යි කියා ගණන් කිරීම ලෙහෙසි කටයුත්තක් නොවෙයි.

2. මහණෙනි, යම් කලෙක කල්පය වැනසෙමින් තිබෙයි ද, ඒ වැනසෙමින් තිබෙන කාලය වර්ෂ මෙපමණකි, වර්ෂ මෙපමණ සිය ගණනකි, වර්ෂ මෙපමණ දහස් ගණනකි, වර්ෂ මෙපමණ ලක්ෂ ගණනකි යි කියා ගණන් කිරීම ලෙහෙසි කටයුත්තක් නොවෙයි.

3. මහණෙනි, යම් කලෙක කල්පය වැඩෙයි ද, ඒ වැඩෙන කාලය වර්ෂ මෙපමණකි, වර්ෂ මෙපමණ සිය ගණනකි, වර්ෂ මෙපමණ දහස් ගණනකි, වර්ෂ මෙපමණ ලක්ෂ ගණනකි යි කියා ගණන් කිරීම ලෙහෙසි කටයුත්තක් නොවෙයි.

4. මහණෙනි, යම් කලෙක කල්පය වැඩෙමින් තිබෙයි ද, ඒ වැඩෙමින් තිබෙන කාලය වර්ෂ මෙපමණකි, වර්ෂ මෙපමණ සිය ගණනකි, වර්ෂ මෙපමණ දහස් ගණනකි, වර්ෂ මෙපමණ ලක්ෂ ගණනකි යි කියා ගණන් කිරීම ලෙහෙසි කටයුත්තක් නොවෙයි.

මහණෙනි, මේ වනාහී කල්පයෙහි ගිණිය නොහැකි තරම් කාල සතරයි.

සාදු! සාදු!! සාදු!!!

අසංඛෙය්ය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-4-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M