අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.3.5.2. පභා සුත්තං

4.3.5.2. බබලන එළිය ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ බබලන එළි සතරකි. ඒ කවර සතරක් ද යත්;

චන්ද්‍රයාගෙන් බබලන එළියකි. සූර්යයාගෙන් බබලන එළියකි. ගින්නෙන් බබලන එළියකි. ප්‍රඥාවෙන් බබලන එළියකි.

මහණෙනි, මේ වනාහී බබලන එළි සතර යි. මහණෙනි, මේ බබලන එළි සතරින් ප්‍රඥාවෙන් බබලන්නා වූ යම් එළියක් ඇද්ද එය අග්‍ර වෙයි.

සාදු! සාදු!! සාදු!!!

පභා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M