අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.3.5.3. ආලෝක සුත්තං

4.3.5.3. ආලෝකය ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ ආලෝක සතරකි. ඒ කවර සතරක් ද යත්;

චන්ද්‍රයාගේ ආලෝකයකි. සූර්යයාගේ ආලෝකයකි. ගින්නේ ආලෝකයකි. ප්‍රඥාවේ ආලෝකයකි.

මහණෙනි, මේ වනාහී ආලෝක සතර යි. මහණෙනි, මේ ආලෝක සතරින් ප්‍රඥාවේ යම් ආලෝකයක් ඇද්ද එය අග්‍ර වෙයි.

සාදු! සාදු!! සාදු!!!

ආලෝක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M