☰
සැවැත් නුවර දී ය …….
මහණෙනි, මේ විහිදෙන එළි සතරකි. ඒ කවර සතරක් ද යත්;
චන්ද්‍රයාගෙන් විහිදෙන එළියකි. සූර්යයාගෙන් විහිදෙන එළියකි. ගින්නෙන් විහිදෙන එළියකි. ප්‍රඥාවෙන් විහිදෙන එළියකි.
මහණෙනි, මේ වනාහී විහිදෙන එළි සතර යි. මහණෙනි, මේ විහිදෙන එළි සතරින් ප්‍රඥාවෙන් විහිදෙන්නා වූ යම් එළියක් ඇද්ද එය අග්‍ර වෙයි.
සාදු! සාදු!! සාදු!!!
ආභා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M