මහණෙනි, ධර්ම කථිකයෝ සතර දෙනෙකි. ඒ කවර සතර දෙනෙක් ද යත්;
1. මහණෙනි, මෙහිලා ඇතැම් ධර්ම කථිකයෙක් අල්ප වශයෙන් කියයි. අර්ථ රහිත වූ දෙයක් කියයි. ධර්මය අසන පිරිස ද අර්ථවත් දෙය හෝ අර්ථ රහිත දෙය තේරුම් ගන්නට අදක්ෂ වෙයි. මහණෙනි, මෙබඳු ධර්ම කථිකයා ඒ අදක්ෂ පිරිස අතරෙහි ධර්ම කථිකයෙක් ය යන ගණයට වැටෙයි.
2. මහණෙනි, මෙහිලා ඇතැම් ධර්ම කථිකයෙක් අල්ප වශයෙන් කියයි. අර්ථවත් වූ දෙයක් කියයි. ධර්මය අසන පිරිස ද අර්ථවත් දෙය හෝ අර්ථ රහිත දෙය තේරුම් ගන්නට දක්ෂ වෙයි. මහණෙනි, මෙබඳු ධර්ම කථිකයා ඒ දක්ෂ පිරිස අතරෙහි ධර්ම කථිකයෙක් ය යන ගණයට වැටෙයි.
3. මහණෙනි, මෙහිලා ඇතැම් ධර්ම කථිකයෙක් බහුල වශයෙන් කියයි. අර්ථ රහිත වූ දෙයක් කියයි. ධර්මය අසන පිරිස ද අර්ථවත් දෙය හෝ අර්ථ රහිත දෙය තේරුම් ගන්නට අදක්ෂ වෙයි. මහණෙනි, මෙබඳු ධර්ම කථිකයා ඒ අදක්ෂ පිරිස අතරෙහි ධර්ම කථිකයෙක් ය යන ගණයට වැටෙයි.
2. මහණෙනි, මෙහිලා ඇතැම් ධර්ම කථිකයෙක් බහුල වශයෙන් කියයි. අර්ථවත් වූ දෙයක් කියයි. ධර්මය අසන පිරිස ද අර්ථවත් දෙය හෝ අර්ථ රහිත දෙය තේරුම් ගන්නට දක්ෂ වෙයි. මහණෙනි, මෙබඳු ධර්ම කථිකයා ඒ දක්ෂ පිරිස අතරෙහි ධර්ම කථිකයෙක් ය යන ගණයට වැටෙයි.
මහණෙනි, මේ වනාහී ධර්ම කථිකයෝ සතර දෙනා ය.
සාදු! සාදු!! සාදු!!!
ධම්මකථික සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M