මහණෙනි, දේශනා කරන්නෝ සතර දෙනෙකි. ඒ කවර සතර දෙනෙක් ද යත්;
1. මහණෙනි, දේශනා කරන්නෙක් සිටියි. හේ දේශනා කරද්දී අර්ථවත් කරුණු අවසන් වී යයි. නමුත් වචන ප්රකාශ කිරීම අවසන් නොවෙයි.
2. මහණෙනි, දේශනා කරන්නෙක් සිටියි. හේ දේශනා කරද්දී ප්රකාශ කරන වචන අවසන් වී යයි. නමුත් අර්ථ ප්රකාශ කිරීම අවසන් නොවෙයි.
3. මහණෙනි, දේශනා කරන්නෙක් සිටියි. හේ දේශනා කරද්දී අර්ථවත් කරුණු අවසන් වී යයි. එමෙන් ම වචන ප්රකාශ කිරීම ද අවසන් වී යයි.
4. මහණෙනි, දේශනා කරන්නෙක් සිටියි. හේ දේශනා කරද්දී අර්ථවත් කරුණු අවසන් වී නොයයි. එමෙන් ම වචන ප්රකාශ කිරීම අවසන් නොවෙයි.
මහණෙනි, මේ වනාහී දේශනා කරන්නෝ සතර දෙනා ය. මහණෙනි, පටිසම්භිදා සතරෙන් යුතු භික්ෂුව ධර්ම දේශනා කරද්දී අර්ථවත් කරුණු අවසන් වේ ය, වචන ප්රකාශ කිරීම ද අවසන් වේ ය යන කරුණ සිදු නොවන දෙයකි. එවැන්නකට අවකාශ රහිත දෙයකි.
සාදු! සාදු!! සාදු!!!
වාදී සූත්රය නිමා විය.
හතරවෙනි පුග්ගල වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
සංයෝජන සූත්රය, පටිභාන සූත්රය, උග්ඝටිතඤ්ඤු සූත්රය, උට්ඨාන සූත්රය, සාවජ්ජ සූත්රය, සීල සූත්ර දෙක, නිකට්ඨ සූත්රය, ධම්මකථික සූත්රය සහ වාදී සූත්රය වශයෙන් මෙහි සූත්ර දශයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M