මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;
වනයට සමීප වූ කය ඇත්තේ නමුත් වනයෙන් බැහැර වූ සිත් ඇත්තේ ය. වනයෙන් බැහැර වූ කය ඇත්තේ නමුත් වනයට සමීප වූ සිත් ඇත්තේ ය. වනයෙන් බැහැර වූ කය ද ඇත්තේ ය, වනයෙන් බැහැර වූ සිත ද ඇත්තේ ය. වනයට සමීප කය ද ඇත්තේ ය, වනයට සමීප සිත ද ඇත්තේ ය.
1. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් වනයට සමීප කය ඇත්තේ වෙයි ද, වනයෙන් බැහැර වූ සිතක් ඇත්තේ වෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ආරණ්‍ය, වනාන්තර, දුර ඈත වන සෙනසුන් සේවනය කරයි. එනමුදු හේ වනයෙහි දී ත් කාම විතර්කයන් සිතමින් සිටියි. ද්වේෂ සහගත විතර්කයන් සිතමින් සිටියි. හිංසා සහගත විතර්කයන් සිතමින් සිටියි. මෙසෙයින් මහණෙනි, පුද්ගල තෙමේ වනයට සමීප කය ඇත්තේ ද, වනයෙන් බැහැර සිත් ඇත්තේ ද වෙයි.
2. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් වනයෙන් බැහැර වූ කය ඇත්තේ වෙයි ද, වනයට සමීප සිතක් ඇත්තේ වෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ආරණ්‍ය, වනාන්තර, දුර ඈත වන සෙනසුන් සේවනය නොකරයි. එනමුදු හේ සිටින තැනක දී නෙක්ඛම්ම විතර්කයන් සිතමින් සිටියි. අව්‍යාපාද විතර්කයන් සිතමින් සිටියි. අහිංසා විතර්කයන් සිතමින් සිටියි. මෙසෙයින් මහණෙනි, පුද්ගල තෙමේ වනයෙන් බැහැර වූ කය ඇත්තේ ද, වනයට සමීප සිත් ඇත්තේ ද වෙයි.
3. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් වනයෙන් බැහැර වූ කය ඇත්තේ වෙයි ද, වනයෙන් බැහැර වූ සිතක් ඇත්තේ වෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ආරණ්‍ය, වනාන්තර, දුර ඈත වන සෙනසුන් සේවනය නොකරයි. එසේ ම හේ සිටිනා තැනක දී කාම විතර්කයන් සිතමින් සිටියි. ද්වේෂ සහගත විතර්කයන් සිතමින් සිටියි. හිංසා සහගත විතර්කයන් සිතමින් සිටියි. මෙසෙයින් මහණෙනි, පුද්ගල තෙමේ වනයෙන් බැහැර වූ කය ඇත්තේ ද, වනයෙන් බැහැර වූ සිත් ඇත්තේ ද වෙයි.
4. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් වනයට සමීප කය ඇත්තේ වෙයි ද, වනයට සමීප සිතක් ඇත්තේ වෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ආරණ්‍ය, වනාන්තර, දුර ඈත වන සෙනසුන් සේවනය කරයි. එසේ ම හේ වනයෙහිදී නෙක්ඛම්ම විතර්කයන් සිතමින් සිටියි. අව්‍යාපාද විතර්කයන් සිතමින් සිටියි. අහිංසා විතර්කයන් සිතමින් සිටියි. මෙසෙයින් මහණෙනි, පුද්ගල තෙමේ වනයට සමීප කය ඇත්තේ ද, වනයට සමීප සිත් ඇත්තේ ද වෙයි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.
සාදු! සාදු!! සාදු!!!
නිකට්ඨ පුග්ගල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M