අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.3.4.7. ගරු පුග්ගල සුත්තං

4.3.4.7. ගරු කරන පුද්ගලයා ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

1. මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් සීලයට ගෞරව නොකරයි. සීලය අධිපති කොට නොවසයි. සමාධියට ගෞරව නොකරයි. සමාධිය අධිපති කොට නොවසයි. ප්‍රඥාවට ගෞරව නොකරයි. ප්‍රඥාව අධිපති කොට නොවසයි.

2. මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් සීලයට ගෞරව කරයි. සීලය අධිපති කොට වසයි. සමාධියට ගෞරව නොකරයි. සමාධිය අධිපති කොට නොවසයි. ප්‍රඥාවට ගෞරව නොකරයි. ප්‍රඥාව අධිපති කොට නොවසයි.

3. මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් සීලයට ගෞරව කරයි. සීලය අධිපති කොට වසයි. සමාධියට ගෞරව කරයි. සමාධිය අධිපති කොට වසයි. ප්‍රඥාවට ගෞරව නොකරයි. ප්‍රඥාව අධිපති කොට නොවසයි.

4. මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් සීලයට ගෞරව කරයි. සීලය අධිපති කොට වසයි. සමාධියට ගෞරව කරයි. සමාධිය අධිපති කොට වසයි. ප්‍රඥාවට ගෞරව කරයි. ප්‍රඥාව අධිපති කොට වසයි.

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.

සාදු! සාදු!! සාදු!!!

ගරු පුග්ගල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M