☰
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;
1. මහණෙනි, මෙහිලා පුද්ගලයෙක් සීලය පිළිබඳ ව පිරිපුන් කරන්නේ නොවෙයි. සමාධිය පිළිබඳ ව පිරිපුන් කරන්නේ නොවෙයි. ප්‍රඥාව පිළිබඳ ව පිරිපුන් කරන්නේ නොවෙයි.
2. මහණෙනි, මෙහිලා පුද්ගලයෙක් සීලය පිළිබඳ ව පිරිපුන් කරන්නේ වෙයි. සමාධිය පිළිබඳ ව පිරිපුන් කරන්නේ නොවෙයි. ප්‍රඥාව පිළිබඳ ව පිරිපුන් කරන්නේ නොවෙයි.
3. මහණෙනි, මෙහිලා පුද්ගලයෙක් සීලය පිළිබඳ ව පිරිපුන් කරන්නේ වෙයි. සමාධිය පිළිබඳ ව පිරිපුන් කරන්නේ වෙයි. ප්‍රඥාව පිළිබඳ ව පිරිපුන් කරන්නේ නොවෙයි.
4. මහණෙනි, මෙහිලා පුද්ගලයෙක් සීලය පිළිබඳ ව පිරිපුන් කරන්නේ වෙයි. සමාධිය පිළිබඳ ව පිරිපුන් කරන්නේ වෙයි. ප්‍රඥාව පිළිබඳ ව පිරිපුන් කරන්නේ වෙයි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.
සාදු! සාදු!! සාදු!!!
පරිපූරකාරී පුග්ගල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M