මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;
වැරදි සහිත පුද්ගලයා ය, වැරදි බහුල පුද්ගලයා ය, අල්ප වරදින් යුතු පුද්ගලයා ය, නිවැරදි පුද්ගලයා ය.
1. මහණෙනි, පුද්ගලයා වැරදි සහිත වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් වැරදි සහිත කායික ක්‍රියාවෙන් යුක්ත වූයේ වෙයි. වැරදි සහිත වාචසික ක්‍රියාවෙන් යුක්ත වූයේ වෙයි. වැරදි සහිත මානසික ක්‍රියාවෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගලයා වැරදි සහිත වූයේ වෙයි.
2. මහණෙනි, පුද්ගලයා වැරදි බහුල වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් බහුල ලෙස වැරදි සහිත කායික ක්‍රියාවෙන් යුක්ත වූයේ වෙයි. නිවැරදි දෙය අල්ප වශයෙනි. බහුල ලෙස වැරදි සහිත වාචසික ක්‍රියාවෙන් යුක්ත වූයේ වෙයි. නිවැරදි දෙය අල්ප වශයෙනි. බහුල ලෙස වැරදි සහිත මානසික ක්‍රියාවෙන් යුක්ත වූයේ වෙයි. නිවැරදි දෙය අල්ප වශයෙනි. මහණෙනි, මෙසේ පුද්ගලයා වැරදි බහුල වූයේ වෙයි.
3 මහණෙනි, පුද්ගලයා වැරදි අල්ප වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් බහුල ලෙස නිවැරදි කායික ක්‍රියාවෙන් යුක්ත වූයේ වෙයි. වැරදි දෙය අල්ප වශයෙනි. බහුල ලෙස නිවැරදි වාචසික ක්‍රියාවෙන් යුක්ත වූයේ වෙයි. වැරදි දෙය අල්ප වශයෙනි. බහුල ලෙස නිවැරදි මානසික ක්‍රියාවෙන් යුක්ත වූයේ වෙයි. වැරදි දෙය අල්ප වශයෙනි. මහණෙනි, මෙසේ පුද්ගලයා වැරදි අල්ප වූයේ වෙයි.
4. මහණෙනි, පුද්ගලයා නිවැරදි වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නිවැරදි කායික ක්‍රියාවෙන් යුක්ත වූයේ වෙයි. නිවැරදි වාචසික ක්‍රියාවෙන් යුක්ත වූයේ වෙයි. නිවැරදි මානසික ක්‍රියාවෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගලයා නිවැරදි වූයේ වෙයි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.
සාදු! සාදු!! සාදු!!!
වජ්ජ පුග්ගල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M