☰
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;
1. නැගී සිටි වීරිය නම් වූ ඵලයෙන් ජීවත් වන සුළු, කර්ම ඵලයෙන් ජීවත් නොවන පුද්ගලයා ය.
2. කර්ම ඵලයෙන් ජීවත් වන, නැගී සිටින වීරියෙන් ජීවත් නොවන පුද්ගලයා ය.
3. නැගී සිටි වීරියෙනුත්, කර්ම ඵලයෙනුත් ජීවත් වන පුද්ගලයා ය.
4. නැගී සිටින වීරියෙනුත් ජීවත් නොවන සුළු, කර්ම ඵලයෙනුත් ජීවත් නොවන පුද්ගලයා ය.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.
සාදු! සාදු!! සාදු!!!
ඵලූපජීවී පුග්ගල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M