අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.3.4.3. නෙය්‍ය පුග්ගල සුත්තං

4.3.4.3. අනුක්‍රමණයෙන් අවබෝධ වන පුද්ගලයා ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

1. ධර්මය දේශනා කරන අවස්ථාවේ ම යමෙක් ධර්මාවබෝධය ලබයි ද, හේ ‘උග්ඝටිතඤ්ඤු පුද්ගලයා’ ය.

2.ධර්මය විස්තර විභාග වශයෙන් බෙදා දක්වන කල්හී අවබෝධය ලබයි ද, හේ ‘විපචිතඤ්ඤු පුද්ගලයා’ ය.

3. යමෙක් කලණ මිතුරන් අසුරෙන් ධර්මය අසා නැවත නැවත විමසීමෙන්, සාකච්ඡා කිරීමෙන්, මෙනෙහි කිරීමෙන් අනුක්‍රමයෙන් ධර්මාවබෝධය ලබයි ද, හේ ‘නෙය්‍ය පුද්ගලයා’ ය.

4. යමෙක් බොහෝ කොට ඇසූ නමුත්, බොහෝ කොට ප්‍රගුණ කරන නමුත්, බොහෝ විමසන නමුත් එම ආත්මයෙහි ධර්මාවබෝධය නොලබයි ද, හේ ‘පදපරම පුද්ගලයා’ ය.

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.

සාදු! සාදු!! සාදු!!!

නෙය්‍ය පුග්ගල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M