අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.3.4.2. පටිභාන පුග්ගල සුත්තං

4.3.4.2. පුද්ගල ප්‍රතිභානය ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

1. කරුණු කාරණා වටහා ගැනීමේ ශක්තිය ඇත්තේ ය. එනමුදු අන්‍යයන් හට පැහැදිලි ව කීමෙහි ප්‍රතිභාන නැත්තේ ය.

2. අන්‍යයන් හට කරුණු පැහැදිලි ව කීමෙහි ප්‍රතිභාන ඇත්තේ ය. එනමුදු කරුණු කාරණා වටහා ගැනීමේ ශක්තිය නැත්තේ ය.

3. කරුණු කාරණා වටහා ගැනීමේ ශක්තිය ද ඇත්තේ ය. අන්‍යයන් හට පැහැදිලි ව කීමෙහි ප්‍රතිභානය ද ඇත්තේ ය.

4.කරුණු කාරණා වටහා ගැනීමේ ශක්තිය ද නැත්තේ ය. අන්‍යයන් හට පැහැදිලි ව කීමෙහි ප්‍රතිභානය ද නැත්තේ ය.

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.

සාදු! සාදු!! සාදු!!!

පටිභාන පුග්ගල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M