අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.3.3.9. ආනන්ද අච්ඡරිය සුත්තං

4.3.3.9. අනඳ තෙරුන්ගේ අසිරිමත් බව ගැන වදාළ දෙසුම

මහණෙනි, ආනන්දයන් තුළ ආශ්චර්ය අද්භූත කරුණු සතරක් ඇත. ඒ කවර සතරක් ද යත්;

1. ඉදින් මහණෙනි, භික්ෂු පිරිස ආනන්දයන් දකින්නට පැමිණෙයි ද, ඒ පිරිස දැකීමෙන් ම සතුටු සිත් ඇත්තේ වෙයි. ඉදින් එහිදී ආනන්දයන් ධර්මය දෙසයි නම්, ඒ පිරිස භාෂිතයෙනුත් සතුටු සිත් ඇත්තේ වෙයි. මහණෙනි, භික්ෂු පිරිස අතෘප්තියට පත් වූයේ ම වෙයි. එකල්හී ආනන්දයන් නිශ්ශබ්ද වෙයි.

2. ඉදින් මහණෙනි, භික්ෂුණී පිරිස ආනන්දයන් දකින්නට පැමිණෙයි ද, ඒ පිරිස දැකීමෙන් ම සතුටු සිත් ඇත්තේ වෙයි. ඉදින් එහිදී ආනන්දයන් ධර්මය දෙසයි නම්, ඒ පිරිස භාෂිතයෙනුත් සතුටු සිත් ඇත්තේ වෙයි. මහණෙනි, භික්ෂුණී පිරිස අතෘප්තියට පත් වූයේ ම වෙයි. එකල්හී ආනන්දයන් නිශ්ශබ්ද වෙයි.

3. ඉදින් මහණෙනි, උපාසක පිරිස ආනන්දයන් දකින්නට පැමිණෙයි ද, ඒ පිරිස දැකීමෙන් ම සතුටු සිත් ඇත්තේ වෙයි. ඉදින් එහිදී ආනන්දයන් ධර්මය දෙසයි නම්, ඒ පිරිස භාෂිතයෙනුත් සතුටු සිත් ඇත්තේ වෙයි. මහණෙනි, උපාසක පිරිස අතෘප්තියට පත් වූයේ ම වෙයි. එකල්හී ආනන්දයන් නිශ්ශබ්ද වෙයි.

4. ඉදින් මහණෙනි, උපාසිකා පිරිස ආනන්දයන් දකින්නට පැමිණෙයි ද, ඒ පිරිස දැකීමෙන් ම සතුටු සිත් ඇත්තේ වෙයි. ඉදින් එහිදී ආනන්දයන් ධර්මය දෙසයි නම්, ඒ පිරිස භාෂිතයෙනුත් සතුටු සිත් ඇත්තේ වෙයි. මහණෙනි, උපාසිකා පිරිස අතෘප්තියට පත් වූයේ ම වෙයි. එකල්හී ආනන්දයන් නිශ්ශබ්ද වෙයි.

මහණෙනි, ආනන්දයන් තුළ මේ ආශ්චර්ය අද්භූත කරුණු සතර ඇත.

සාදු! සාදු!! සාදු!!!

ආනන්ද අච්ඡරිය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M