මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ගේ පහළ වීමෙන් ආශ්චර්ය වූ ත්, අද්භූත වූ ත් සතර ධර්මයක් පහළ වෙති. ඒ කවර සතරක් ද යත්;
1. මහණෙනි, මේ ලෝක ප්රජාව තෘෂ්ණාව තුළ වාසය කරයි. තෘෂ්ණාවෙහි ඇලී සිටියි. තෘෂ්ණාවෙන් සතුටු වෙමින් සිටියි. එනමුදු තථාගතයන් විසින් තෘෂ්ණාව දුරු කරන ධර්මය දේශනා කරන කල්හී එය අසනු කැමති වෙයි. සවන් යොමා අසයි. එය අවබෝධ කිරීමට සිත පිහිටුවා ගනියි. මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ගේ පහළ වීමෙන් මේ පළමු වෙනි ආශ්චර්ය අද්භූත ධර්මය පහළ වෙයි.
2. මහණෙනි, මේ ලෝක ප්රජාව මාන්නය තුළ වාසය කරයි. මාන්නයෙහි ඇලී සිටියි. මාන්නයෙන් සතුටු වෙමින් සිටියි. එනමුදු තථාගතයන් විසින් මාන්නය දුරු කරන ධර්මය දේශනා කරන කල්හී එය අසනු කැමති වෙයි. සවන් යොමා අසයි. එය අවබෝධ කිරීමට සිත පිහිටුවා ගනියි. මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ගේ පහළ වීමෙන් මේ දෙවෙනි ආශ්චර්ය අද්භූත ධර්මය පහළ වෙයි.
3. මහණෙනි, මේ ලෝක ප්රජාව නොසංසිඳීම තුළ වාසය කරයි. නොසංසිඳීමෙහි ඇලී සිටියි. නොසංසිඳීමෙන් සතුටු වෙමින් සිටියි. එනමුදු තථාගතයන් විසින් කෙලෙස් සංසිඳුවාලන ධර්මය දේශනා කරන කල්හී එය අසනු කැමති වෙයි. සවන් යොමා අසයි. එය අවබෝධ කිරීමට සිත පිහිටුවා ගනියි. මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ගේ පහළ වීමෙන් මේ තෙවැනි ආශ්චර්ය අද්භූත ධර්මය පහළ වෙයි.
4. මහණෙනි, ලෝක ප්රජාව අවිද්යාවෙන් යුතු වූයේ ය. අවිද්යාව තුළ සිර වී ඇත්තේ ය. අවිද්යාවෙන් වෙලී ඇත්තේ ය. එනමුදු තථාගතයන් විසින් අවිද්යාව දුරු කරන ධර්මය දේශනා කරන කල්හී එය අසනු කැමති වෙයි. සවන් යොමා අසයි. එය අවබෝධ කිරීමට සිත පිහිටුවා ගනියි. මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ගේ පහළ වීමෙන් මේ සිව් වෙනි ආශ්චර්ය අද්භූත ධර්මය පහළ වෙයි.
මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජුන්ගේ පහළ වීමෙන් ආශ්චර්ය වූ ත්, අද්භූත වූ ත් මේ සතර ධර්මයෝ පහළ වෙති.
සාදු! සාදු!! සාදු!!!
දුතිය තථාගත අච්ඡරිය සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M