මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;
1. මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් මෛත්‍රී සහගත සිතින් එක් දිශාවකට පතුරුවා වාසය කරයි. එසේ ම දෙවන දිශාවට ත්, තුන්වන දිශාවට ත්, හතරවන දිශාවට ත් පතුරුවා වාසය කරයි. එසේ ම උඩ යට සරස සියළු තැන් හි සියළු සත්වයන් කෙරෙහි සකල ලෝකයා වෙත මෛත්‍රී සහගත සිතින් විපුල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ වෛර නැති, තරහ නැති සිත පතුරුවා වාසය කරයි. හේ එම ධ්‍යානයෙහි රූපයට අයත් යමක් ඇද්ද, විඳීමට අයත් යමක් ඇද්ද, සංඥාවට අයත් යමක් ඇද්ද, සංස්කාරයන්ට අයත් යමක් ඇද්ද, විඤ්ඤාණයට අයත් යමක් ඇද්ද ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඬුවක් වශයෙන්, හුලක් වශයෙන්, පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන් අයත් දෙයක් වශයෙන්, නැසී යන දෙයක් වශයෙන්, මම මාගේ යන දෙයින් හිස් වූවක් වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් දකියි. හේ කය බිඳී මරණින් මතු සුද්ධාවාස දෙවියන්ගේ ලෝකයෙහි උපදින්නේ වෙයි. මහණෙනි, මෙම උත්පත්තිය පෘථග්ජන පුද්ගලයන් හා සාධාරණ නොවෙයි.
2-4. තව ද මහණෙනි, ඇතැම් පුද්ගලයෙක් කරුණා සහගත සිතින් ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. උපේක්ෂා සහගත සිතින් එක් දිශාවකට පතුරුවා වාසය කරයි. එසේ ම දෙවන දිශාවට ත්, තුන්වන දිශාවට ත්, හතරවන දිශාවට ත් පතුරුවා වාසය කරයි. එසේ ම උඩ යට සරස සියළු තැන් හි සියළු සත්වයන් කෙරෙහි සකල ලෝකයා වෙත උපේක්ෂා සහගත සිතින් විපුල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ වෛර නැති, තරහ නැති සිත පතුරුවා වාසය කරයි. හේ එම ධ්‍යානයෙහි රූපයට අයත් යමක් ඇද්ද, විඳීමට අයත් යමක් ඇද්ද, සංඥාවට අයත් යමක් ඇද්ද, සංස්කාරයන්ට අයත් යමක් ඇද්ද, විඤ්ඤාණයට අයත් යමක් ඇද්ද ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඬුවක් වශයෙන්, හුලක් වශයෙන්, පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන් අයත් දෙයක් වශයෙන්, නැසී යන දෙයක් වශයෙන්, මම මාගේ යන දෙයින් හිස් වූවක් වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් දකියි. හේ කය බිඳී මරණින් මතු සුද්ධාවාස දෙවියන්ගේ ලෝකයෙහි උපදින්නේ වෙයි. මහණෙනි, මෙම උත්පත්තිය පෘථග්ජන පුද්ගලයන් හා සාධාරණ නොවෙයි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.
සාදු! සාදු!! සාදු!!!
චතුත්ථ පුග්ගල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M