මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;
1. මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. හේ එම ධ්‍යානයෙහි රූපයට අයත් යමක් ඇද්ද, විඳීමට අයත් යමක් ඇද්ද, සංඥාවට අයත් යමක් ඇද්ද, සංස්කාරයන්ට අයත් යමක් ඇද්ද, විඤ්ඤාණයට අයත් යමක් ඇද්ද ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඬුවක් වශයෙන්, හුලක් වශයෙන්, පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන් අයත් දෙයක් වශයෙන්, නැසී යන දෙයක් වශයෙන්, මම මාගේ යන දෙයින් හිස් වූවක් වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් දකියි. හේ කය බිඳී මරණින් මතු සුද්ධාවාස දෙවියන්ගේ ලෝකයෙහි උපදින්නේ වෙයි. මහණෙනි, මෙම උත්පත්තිය පෘථග්ජන පුද්ගලයන් හා සාධාරණ නොවෙයි.
2-4. තව ද මහණෙනි, ඇතැම් පුද්ගලයෙක් විතර්ක විචාරයන් සංසිඳුවීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සිව්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. හේ එම ධ්‍යානයෙහි රූපයට අයත් යමක් ඇද්ද, විඳීමට අයත් යමක් ඇද්ද, සංඥාවට අයත් යමක් ඇද්ද, සංස්කාරයන්ට අයත් යමක් ඇද්ද, විඤ්ඤාණයට අයත් යමක් ඇද්ද ඒ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, ගඬුවක් වශයෙන්, හුලක් වශයෙන්, පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන් අයත් දෙයක් වශයෙන්, නැසී යන දෙයක් වශයෙන්, මම මාගේ යන දෙයින් හිස් වූවක් වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් දකියි. හේ කය බිඳී මරණින් මතු සුද්ධාවාස දෙවියන්ගේ ලෝකයෙහි උපදින්නේ වෙයි. මහණෙනි, මෙම උත්පත්තිය පෘථග්ජන පුද්ගලයන් හා සාධාරණ නොවෙයි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.
සාදු! සාදු!! සාදු!!!
දුතිය පුග්ගල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M