☰
මහණෙනි, රජුගේ සොඳුරු වූ ආජානේය අශ්වයා සතර කරුණකින් යුක්ත වූ විට රජුට යෝග්‍ය වූයේ වෙයි. රජු විසින් පරිහරණය කළ යුතු වූයේ වෙයි. රජුගේ අංගයක් ය යන ගණනට අයත් වෙයි. ඒ කවර සතර කරුණකින් ද යත්;
අවංකභාවයෙන් ද, වේගයෙන් ද, ඉවසීමෙන් ද, කීකරුකමින් ද වශයෙනි.
මහණෙනි, රජුගේ සොඳුරු වූ ආජානේය අශ්වයා මේ සතර කරුණෙන් යුක්ත වූ විට රජුට යෝග්‍ය වූයේ වෙයි. රජු විසින් පරිහරණය කළ යුතු වූයේ වෙයි. රජුගේ අංගයක් ය යන ගණනට අයත් වෙයි.
එසෙයින් ම මහණෙනි, සතර කරුණකින් යුක්ත වූ භික්ෂුව ආහුණෙය්‍ය වෙයි. පාහුණෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. ලොවට උතුම් පින්කෙත වෙයි. ඒ කවර කරුණු සතරකින් ද යත්;
අවංකභාවයෙන් ද, ප්‍රඥා වේගයෙන් ද, ඉවසීමෙන් ද, කීකරුකමින් ද වශයෙනි.
මහණෙනි, මේ සතර කරුණින් යුක්ත වූ භික්ෂුව ආහුණෙය්‍ය වෙයි. පාහුණෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. ලොවට උතුම් පින්කෙත වෙයි.
සාදු! සාදු!! සාදු!!!
අස්සාජානීය – ජව සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M