මහණෙනි, කළ සතරකි. ඒ කවර සතරක් ද යත්;
ඇතුළත හිස් වූ මුව වසා ඇති කළයකි. ඇතුළත දිය පිරී ඇති මුව නොවැසූ කළයකි. ඇතුළත හිස් වූ මුව නොවැසූ කළයකි. ඇතුළත දිය පිරී ඇති මුව වසන ලද කළයකි. මේ වනාහී කළ සතර යි.
මහණෙනි, මේ අයුරින් ම කළය උපමා කොට ගත් පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;
ඇතුළත හිස් වූ මුව වසා ඇති කළය බඳු පුද්ගලයා ය. ඇතුළත දිය පිරී ඇති මුව නොවැසූ කළය බඳු පුද්ගලයා ය. ඇතුළත හිස් වූ මුව නොවැසූ කළය බඳු පුද්ගලයා ය. ඇතුළත දිය පිරී ඇති මුව වසන ලද කළය බඳු පුද්ගලයා ය.
1. මහණෙනි, පුද්ගලයෙක් ඇතුළත හිස් වූ, වැසූ මුව ඇති කළයක් බඳු වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඉදිරියට යාම, ආපසු හැරී ඒම, ඉදිරිය බැලීම, වටපිට බැලීම, අත් පා හැකිලීම, දිගහැරීම, දෙපට සිවුරු – පාත්‍රා – චීවර දැරීම ආදිය ඉතා ප්‍රසාදජනක වෙයි. එනමුදු හේ මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයෙක් ඇතුළත හිස් වූ, වැසූ මුව ඇති කළයක් බඳු වෙයි. මහණෙනි, යම් සේ ඒ හිස් වූ කළය වසන ලද්දේ වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එබඳු දෙයකට උපමා ඇතියෙකැයි කියමි.
2. මහණෙනි, පුද්ගලයෙක් ඇතුළත පිරී ඇති, විවර වූ මුව ඇති කළයක් බඳු වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඉදිරියට යාම, ආපසු හැරී ඒම, ඉදිරිය බැලීම, වටපිට බැලීම, අත් පා හැකිලීම, දිගහැරීම, දෙපට සිවුරු – පාත්‍රා – චීවර දැරීම ආදිය ඉතා ප්‍රසාදජනක නොවෙයි. එනමුදු හේ මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයෙක් ඇතුළත පිරී ඇති, විවර වූ මුව ඇති කළයක් බඳු වෙයි. මහණෙනි, යම් සේ ඒ පිරුණු කළය නොවසන ලද්දේ වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එබඳු දෙයකට උපමා ඇතියෙකැයි කියමි.
3. මහණෙනි, පුද්ගලයෙක් ඇතුළත හිස් වූ, විවර වූ මුව ඇති කළයක් බඳු වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඉදිරියට යාම, ආපසු හැරී ඒම, ඉදිරිය බැලීම, වටපිට බැලීම, අත් පා හැකිලීම, දිගහැරීම, දෙපට සිවුරු – පාත්‍රා – චීවර දැරීම ආදිය ඉතා ප්‍රසාදජනක නොවෙයි. එමෙන් ම හේ මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයෙක් ඇතුළත හිස් වූ, විවර වූ මුව ඇති කළයක් බඳු වෙයි. මහණෙනි, යම් සේ ඒ හිස් වූ කළය නොවසන ලද්දේ වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එබඳු දෙයකට උපමා ඇතියෙකැයි කියමි.
4. මහණෙනි, පුද්ගලයෙක් ඇතුළත පිරී ගිය, වැසූ මුව ඇති කළයක් බඳු වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඉදිරියට යාම, ආපසු හැරී ඒම, ඉදිරිය බැලීම, වටපිට බැලීම, අත් පා හැකිලීම, දිගහැරීම, දෙපට සිවුරු – පාත්‍රා – චීවර දැරීම ආදිය ඉතා ප්‍රසාදජනක වෙයි. එසේ ම හේ මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයෙක් ඇතුළත පිරී ගිය, වැසූ මුව ඇති කළයක් බඳු වෙයි. මහණෙනි, යම් සේ ඒ පිරුණු කළය වසන ලද්දේ වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එබඳු දෙයකට උපමා ඇතියෙකැයි කියමි.
මහණෙනි, මේ අයුරින් කළය උපමා කොට ගත් පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.
සාදු! සාදු!! සාදු!!!
කුම්භ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M