මහණෙනි, මේ වළාකුළු වර්ග සතරකි. ඒ කවර සතරක් ද යත්;
ගොරවයි, එහෙත් නොවසියි. වසින්නේ ය, එහෙත් ගෙරවිලි නැත්තේ ය. ගොරවන්නේ ද නැත, වසින්නේ ද නැත. ගොරවන්නේ ත් වෙයි, වසින්නේ ත් වෙයි. මහණෙනි, මේ වනාහී වළාකුළු වර්ග සතර යි.
මහණෙනි, මේ අයුරින් මේ වළාකුළු වර්ග සතර උපමා කොට ගත් පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;
ගොරවයි, එහෙත් නොවසියි. වසින්නේ ය, එහෙත් ගෙරවිලි නැත්තේ ය. ගොරවන්නේ ද නැත, වසින්නේ ද නැත. ගොරවන්නේ ත් වෙයි, වසින්නේ ත් වෙයි.
1. මහණෙනි, පුද්ගලයෙක් ගොරවන්නේ නමුත් නොවසින්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ධර්මය ප්‍රගුණ කරයි. එනම් සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙන් හදාරයි. එනමුදු හේ මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයා ගොරවන නමුත් නොවසියි. මහණෙනි, යම් සේ ඒ වළාකුල ගොරවන නමුත් නොවසින්නේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු දෙයකට උපමා ඇත්තෙකැයි කියමි.
2. මහණෙනි, පුද්ගලයෙක් වසින්නේ නමුත් නොගොරවන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ධර්මය ප්‍රගුණ නොකරයි. එනම් සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙන් නොහදාරයි. එනමුදු හේ මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයා වසින නමුත් නොගොරවයි. මහණෙනි, යම් සේ ඒ වළාකුල වසින නමුත් නොගොරවන්නේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු දෙයකට උපමා ඇත්තෙකැයි කියමි.
3. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් ගොරවන්නේ ත් නොවෙයි ද? වසින්නේ ත් නොවෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ධර්මය ප්‍රගුණ නොකරයි. එනම් සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙන් නොහදාරයි. එසෙයින් ම හේ මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මෙය දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැයි ඒ වූ සැටියෙන් ම නොදනියි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයා නොගොරවයි. නොවසියි. මහණෙනි, යම් සේ ඒ වළාකුල නොගොරවන්නේ ද, නොවසින්නේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු දෙයකට උපමා ඇත්තෙකැයි කියමි.
4. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් ගොරවන්නේ ත් වෙයි ද? වසින්නේ ත් වෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ධර්මය ප්‍රගුණ කරයි. එනම් සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල වශයෙන් හදාරයි. එසේ ම හේ මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි නිරුද්ධ වීම යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මහණෙනි, මේ අයුරින් පුද්ගලයා ගොරවයි. වසියි. මහණෙනි, යම් සේ ඒ වළාකුල ගොරවන්නේ ද, වසින්නේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු දෙයකට උපමා ඇත්තෙකැයි කියමි.
මහණෙනි, මේ අයුරින් මේ වළාකුළු වර්ග සතර උපමා කොට ගත් පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.
සාදු! සාදු!! සාදු!!!
දුතිය වළාහක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-3-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M