මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;
තමාට හිත පිණිස පිළිපන්නේ වෙයි, අනුන්ට හිත පිණිස නොවෙයි. අනුන්ට හිත පිණිස පිළිපන්නේ වෙයි, නමුත් තමාට හිත පිණිස නොවෙයි. තමාට හිත පිණිස ත් පිළිපන්නේ නොවෙයි, අනුන්ට හිත පිණිස ත් පිළිපන්නේ නොවෙයි. තමාට හිත පිණිස ත් අනුන්ට හිත පිණිස ත් පිළිපන්නේ වෙයි.
1. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් තමාට හිත පිණිස පිළිපන්නේ වෙයි ද, අනුන්ට හිත පිණිස නොවෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. සතුන් මැරීමෙන් වළකිනු පිණිස අන්‍යයන් සමාදන් නොකරවයි. තමා සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයි. සොරකම් කිරීමෙන් වළකිනු පිණිස අන්‍යයන් සමාදන් නොකරවයි. තමා වැරදි කාමසේවනයෙන් වැළකුණේ වෙයි. වැරදි කාමසේවනයෙන් වළකිනු පිණිස අන්‍යයන් සමාදන් නොකරවයි. තමා බොරු කීමෙන් වැළකුණේ වෙයි. බොරු කීමෙන් වළකිනු පිණිස අන්‍යයන් සමාදන් නොකරවයි. තමා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණේ වෙයි. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනු පිණිස අන්‍යයන් සමාදන් නොකරවයි. මහණෙනි, පුද්ගලයෙක් මේ අයුරින් තමාට හිත පිණිස පිළිපන්නේ වෙයි, අනුන්ට හිත පිණිස නොවෙයි.
2. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් අනුන්ට හිත පිණිස පිළිපන්නේ වෙයි ද, තමාට හිත පිණිස නොවෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා සතුන් මැරීමෙන් නොවැළකුණේ වෙයි. සතුන් මැරීමෙන් වළකිනු පිණිස අන්‍යයන් සමාදන් කරවයි. තමා සොරකම් කිරීමෙන් නොවැළකුණේ වෙයි. සොරකම් කිරීමෙන් වළකිනු පිණිස අන්‍යයන් සමාදන් කරවයි. තමා වැරදි කාමසේවනයෙන් නොවැළකුණේ වෙයි. වැරදි කාමසේවනයෙන් වළකිනු පිණිස අන්‍යයන් සමාදන් කරවයි. තමා බොරු කීමෙන් නොවැළකුණේ වෙයි. බොරු කීමෙන් වළකිනු පිණිස අන්‍යයන් සමාදන් කරවයි. තමා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් නොවැළකුණේ වෙයි. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනු පිණිස අන්‍යයන් සමාදන් කරවයි. මහණෙනි, පුද්ගලයෙක් මේ අයුරින් අනුන්ට හිත පිණිස පිළිපන්නේ වෙයි, තමාට හිත පිණිස නොවෙයි.
3. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් තමාට ත් හිත පිණිස පිළිපන්නේ නොවෙයි ද, අනුන්ට ත් හිත පිණිස නොවෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා සතුන් මැරීමෙන් නොවැළකුණේ වෙයි. සතුන් මැරීමෙන් වළකිනු පිණිස අන්‍යයන් සමාදන් නොකරවයි. තමා සොරකම් කිරීමෙන් නොවැළකුණේ වෙයි. සොරකම් කිරීමෙන් වළකිනු පිණිස අන්‍යයන් සමාදන් නොකරවයි. තමා වැරදි කාමසේවනයෙන් නොවැළකුණේ වෙයි. වැරදි කාමසේවනයෙන් වළකිනු පිණිස අන්‍යයන් සමාදන් නොකරවයි. තමා බොරු කීමෙන් නොවැළකුණේ වෙයි. බොරු කීමෙන් වළකිනු පිණිස අන්‍යයන් සමාදන් නොකරවයි. තමා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් නොවැළකුණේ වෙයි. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනු පිණිස අන්‍යයන් සමාදන් නොකරවයි. මහණෙනි, පුද්ගලයෙක් මේ අයුරින් තමාට හිත පිණිස පිළිපන්නේ නොවෙයි, අනුන්ට ත් හිත පිණිස නොවෙයි.
4. මහණෙනි, පුද්ගලයෙක් කෙසේ නම් තමාට ත් හිත පිණිස පිළිපන්නේ වෙයි ද, අනුන්ට ත් හිත පිණිස වෙයි ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. සතුන් මැරීමෙන් වළකිනු පිණිස අන්‍යයන් සමාදන් කරවයි. තමා සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයි. සොරකම් කිරීමෙන් වළකිනු පිණිස අන්‍යයන් සමාදන් කරවයි. තමා වැරදි කාමසේවනයෙන් වැළකුණේ වෙයි. වැරදි කාමසේවනයෙන් වළකිනු පිණිස අන්‍යයන් සමාදන් කරවයි. තමා බොරු කීමෙන් වැළකුණේ වෙයි. බොරු කීමෙන් වළකිනු පිණිස අන්‍යයන් සමාදන් කරවයි. තමා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණේ වෙයි. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනු පිණිස අන්‍යයන් සමාදන් කරවයි. මහණෙනි, පුද්ගලයෙක් මේ අයුරින් තමාට ත් හිත පිණිස පිළිපන්නේ වෙයි, අනුන්ට ත් හිත පිණිස වෙයි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.
සාදු! සාදු!! සාදු!!!
සික්ඛාපද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M