☰
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;
තමාට හිත පිණිස පිළිපන්නේ වෙයි, අනුන්ට හිත පිණිස නොවෙයි. අනුන්ට හිත පිණිස පිළිපන්නේ වෙයි, නමුත් තමාට හිත පිණිස නොවෙයි. තමාට හිත පිණිස ත් පිළිපන්නේ නොවෙයි, අනුන්ට හිත පිණිස ත් පිළිපන්නේ නොවෙයි. තමාට හිත පිණිස ත් අනුන්ට හිත පිණිස ත් පිළිපන්නේ වෙයි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.
සාදු! සාදු!! සාදු!!!
අත්තහිත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M