☰
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;
1. මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්ත සමාධිය ලබන්නේ වෙයි. එනමුදු ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව නොලබන්නේ වෙයි.
2. මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ලබන්නේ වෙයි. එනමුදු තමා තුළ චිත්ත සමාධිය නොලබන්නේ වෙයි.
3. මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්ත සමාධිය නොලබන්නේ වෙයි. ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ද නොලබන්නේ වෙයි.
4. මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් තමා තුළ චිත්ත සමාධිය ලබන්නේ වෙයි. ගැඹුරු ප්‍රඥාවට නිසි විදර්ශනාව ද ලබන්නේ වෙයි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.
සාදු! සාදු!! සාදු!!!
පඨම සමාධි සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M