සැවැත් නුවර දී ය……
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;
අසුර පිරිවර ඇති අසුරයා ය. දෙව් පිරිවර ඇති අසුරයා ය. අසුර පිරිවර ඇති දෙවියා ය. දෙව් පිරිවර ඇති දෙවියා ය.
1. මහණෙනි, පුද්ගලයෙක් අසුර පිරිවර ඇති අසුරයා වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දුස්සීල වෙයි. පවිටු ස්වභාවයෙන් යුක්ත වෙයි. ඔහුගේ පිරිස ද දුස්සීල වෙයි. පාපී ධර්මයන් ඇත්තේ වෙයි. මහණෙනි, පුද්ගලයෙක් අසුර පිරිවර ඇති අසුරයා වන්නේ මේ අයුරිනි.
2. මහණෙනි, පුද්ගලයෙක් දෙව් පිරිවර ඇති අසුරයා වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දුස්සීල වෙයි. පවිටු ස්වභාවයෙන් යුක්ත වෙයි. ඔහුගේ පිරිස සිල්වත් වෙයි. කල්‍යාණ ධර්මයන් ඇත්තේ වෙයි. මහණෙනි, පුද්ගලයෙක් දෙව් පිරිවර ඇති අසුරයා වන්නේ මේ අයුරිනි.
3. මහණෙනි, පුද්ගලයෙක් අසුර පිරිවර ඇති දෙවියෙක් වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වෙයි. කල්‍යාණ ධර්මයෙන් යුක්ත වෙයි. එනමුදු ඔහුගේ පිරිස දුස්සීල වෙයි. පාපී ධර්මයන් ඇත්තේ වෙයි. මහණෙනි, පුද්ගලයෙක් අසුර පිරිවර ඇති දෙවියෙකු වන්නේ මේ අයුරිනි.
4. මහණෙනි, පුද්ගලයෙක් දෙව් පිරිවර ඇති දෙවියෙක් වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වෙයි. කල්‍යාණ ධර්මයෙන් යුක්ත වෙයි. ඔහුගේ පිරිස ද සිල්වත් වෙයි. කල්‍යාණ ධර්මයන් ඇත්තේ වෙයි. මහණෙනි, පුද්ගලයෙක් දෙව් පිරිවර ඇති දෙවියෙකු වන්නේ මේ අයුරිනි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.
සාදු! සාදු!! සාදු!!!
අසුර සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M