අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.4.9. සමණමචල – දිට්ඨි සුත්තං

4.2.4.9. ශ්‍රමණ අචල – දෘෂ්ටි ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

ශ්‍රමණ අචල ය. ශ්‍රමණ පුණ්ඩරීක ය. ශ්‍රමණ පදුම ය. ශ්‍රමණයන් අතර ශ්‍රමණ සුකුමාල ය.

1. මහණෙනි, පුද්ගලයෙක් ශ්‍රමණ අචල වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව සම්මා දිට්ඨියෙන් යුක්ත වෙයි. සම්මා සංකල්පයෙන් යුක්ත වෙයි. සම්මා වාචාවෙන් යුක්ත වෙයි. සම්මා කම්මන්තයෙන් යුක්ත වෙයි. සම්මා ආජීවයෙන් යුක්ත වෙයි. සම්මා වායාමයෙන් යුක්ත වෙයි. සම්මා සතියෙන් යුක්ත වෙයි. සම්මා සමාධියෙන් යුක්ත වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල තෙමේ ශ්‍රමණ අචල වූයේ වෙයි.

2. මහණෙනි, පුද්ගලයෙක් ශ්‍රමණ පුණ්ඩරීක වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව සම්මා දිට්ඨියෙන් යුක්ත වෙයි. සම්මා සංකල්පයෙන් යුක්ත වෙයි. සම්මා වාචාවෙන් යුක්ත වෙයි. සම්මා කම්මන්තයෙන් යුක්ත වෙයි. සම්මා ආජීවයෙන් යුක්ත වෙයි. සම්මා වායාමයෙන් යුක්ත වෙයි. සම්මා සතියෙන් යුක්ත වෙයි. සම්මා සමාධියෙන් යුක්ත වෙයි. සම්මා ඥානයෙන් යුක්ත වෙයි. සම්මා විමුක්තියෙන් යුක්ත වෙයි. එනමුදු අෂ්ට විමෝක්ෂයන් කයින් ස්පර්ශ නොකොට වාසය කරන්නේ වෙයි. මහණෙනි, මෙසේ මේ පුද්ගල තෙමේ ශ්‍රමණ පුණ්ඩරීක වූයේ වෙයි.

3. මහණෙනි, පුද්ගලයෙක් ශ්‍රමණ පදුම වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව සම්මා දිට්ඨියෙන් යුක්ත වෙයි. සම්මා සංකල්පයෙන් යුක්ත වෙයි. සම්මා වාචාවෙන් යුක්ත වෙයි. සම්මා කම්මන්තයෙන් යුක්ත වෙයි. සම්මා ආජීවයෙන් යුක්ත වෙයි. සම්මා වායාමයෙන් යුක්ත වෙයි. සම්මා සතියෙන් යුක්ත වෙයි. සම්මා සමාධියෙන් යුක්ත වෙයි. සම්මා ඥානයෙන් යුක්ත වෙයි. සම්මා විමුක්තියෙන් යුක්ත වෙයි. අෂ්ට විමෝක්ෂයන් කයින් ස්පර්ශ කොට වාසය කරන්නේ වෙයි. මහණෙනි, මේ පුද්ගල තෙමේ ශ්‍රමණ පදුම වූයේ වෙයි.

4. මහණෙනි, පුද්ගලයෙක් ශ්‍රමණයන් අතර ශ්‍රමණ සුකුමාල වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව දායකයන් විසින් යළි යළි ඉල්ලා සිටින ලද්දේ ම බොහෝ සිවුරු පරිහරණය කරයි. ඉල්ලා නොසිටින ලද්දේ නම් අල්ප වශයෙනි. ….(පෙ)…. මහණෙනි, ශ්‍රමණයන් අතර ශ්‍රමණ සුකුමාල යැයි යමෙකු අරභයා මැනැවින් පවසන්නේ නම් මහණෙනි, ශ්‍රමණයන් අතර ශ්‍රමණ සුකුමාල යැයි මැනැවින් පැවසිය යුත්තේ මා උදෙසා ම ය.

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයේ විද්‍යමාන ව සිටිති.

සාදු! සාදු!! සාදු!!!

සමණමචල – සඤ්ඤෝජන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M