මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;
ශ්‍රමණ අචල ය. ශ්‍රමණ පුණ්ඩරීක ය. ශ්‍රමණ පදුම ය. ශ්රමණයන් අතර ශ්‍රමණ සුකුමාල ය.
1. මහණෙනි, පුද්ගලයෙක් ශ්‍රමණ අචල වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව සංයෝජන තුනක් ප්රහාණය කිරීමෙන් සෝතාපන්න වූයේ වෙයි. අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තේ වෙයි. නියත වශයෙන් නිවන අවබෝධ කරන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල තෙමේ ශ්‍රමණ අචල වූයේ වෙයි.
2. මහණෙනි, පුද්ගලයෙක් ශ්‍රමණ පුණ්ඩරීක වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව තුන් සංයෝජනයක් ප්රහාණය කිරීමෙන් රාග, ද්වේෂ, මෝහ ආදියෙහි බලය දුර්වල කිරීමෙන් සකදාගාමී වෙයි. යළි මේ ලොවට එක් වරක් ම අවුත් දුක් අවසන් කරන්නේ වෙයි. මහණෙනි, මෙසේ මේ පුද්ගල තෙමේ ශ්‍රමණ පුණ්ඩරීක වූයේ වෙයි.
3. මහණෙනි, පුද්ගලයෙක් ශ්‍රමණ පදුම වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව පංච ඕරම්භාගීය සංයෝජනයන් ප්රහාණය කිරීමෙන් සුද්ධාවාස බඹලොව ඕපපාතික ව උපදින්නේ වෙයි. නැවත ඒ ලොවින් පහළට නොවැටෙන ස්වභාවයෙන් යුතු වූයේ එහි ම පිරිනිවන් පාන්නේ වෙයි. මහණෙනි, මේ පුද්ගල තෙමේ ශ්‍රමණ පදුම වූයේ වෙයි.
4. මහණෙනි, පුද්ගලයෙක් ශ්රමණයන් අතර ශ්‍රමණ සුකුමාල වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේ දී ම තම විශිෂ්ට ඥානයෙන් පසක් කොට සමවැදී වසන්නේ වෙයි. මහණෙනි, මෙසේ මේ පුද්ගල තෙමේ ශ්රමණයන් අතර ශ්‍රමණ සුකුමාල වූයේ වෙයි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයේ විද්‍යමාන ව සිටිති.
සාදු! සාදු!! සාදු!!!
සමණමචල – සඤ්ඤෝජන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M