මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයෙහි පැහැදිලි ව දකින්නට සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;
ඕනතඕනත හෙවත් නීච බවින් නීච බවට යන්නා. ඕනතඋන්නත හෙවත් නීච බවින් උතුම් බවට යන්නා. උන්නතඕනත හෙවත් උතුම් බවින් නීච බවට යන්නා. උන්නතඋන්නත හෙවත් උතුම් බවින් උතුම් බවට යන්නා ය.
1. මහණෙනි, පුද්ගලයෙක් නීච බවින් නීච බවට යන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නීච කුලයෙහි උපන්නේ වෙයි. සැඩොල් කුලයේ ….(පෙ)…. ඒ තැනැත්තා කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. මනසින් දුසිරිතෙහි හැසිරෙයි. කයින් දුසිරිතෙහි හැසිර, වචනයෙන් දුසිරිතෙහි හැසිර, මනසින් දුසිරිතෙහි හැසිර, කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපදියි. මහණෙනි, පුද්ගලයෙක් නීච බවින් නීච බවට යන්නේ ඔය අයුරිනි.
2. මහණෙනි, පුද්ගලයෙක් නීච බවින් උතුම් බවට යන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නීච කුලයෙහි උපන්නේ වෙයි. සැඩොල් කුලයේ ….(පෙ)…. ඒ තැනැත්තා කයින් සුචරිතයෙහි හැසිරෙයි. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙයි. මනසින් සුචරිතයෙහි හැසිරෙයි. කයින් සුචරිතයෙහි හැසිර, වචනයෙන් සුචරිතයෙහි හැසිර, මනසින් සුචරිතයෙහි හැසිර, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදියි. මහණෙනි, පුද්ගලයෙක් නීච බවින් උතුම් බවට යන්නේ ඔය අයුරිනි.
3. මහණෙනි, පුද්ගලයෙක් උතුම් බවින් නීච බවට යන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් උසස් කුලයෙහි උපන්නේ වෙයි. ක්ෂත්රිය මහාසාර කුලයෙහි ….(පෙ)…. ඒ තැනැත්තා කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. මනසින් දුසිරිතෙහි හැසිරෙයි. කයින් දුසිරිතෙහි හැසිර, වචනයෙන් දුසිරිතෙහි හැසිර, මනසින් දුසිරිතෙහි හැසිර, කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපදියි. මහණෙනි, පුද්ගලයෙක් උතුම් බවින් නීච බවට යන්නේ ඔය අයුරිනි.
4. මහණෙනි, පුද්ගලයෙක් උතුම් බවින් උතුම් බවට යන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් උසස් කුලයෙහි උපන්නේ වෙයි. ක්ෂත්රිය මහාසාර කුලයෙහි ….(පෙ)…. ඒ තැනැත්තා කයින් සුචරිතයෙහි හැසිරෙයි. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙයි. මනසින් සුචරිතයෙහි හැසිරෙයි. කයින් සුචරිතයෙහි හැසිර, වචනයෙන් සුචරිතයෙහි හැසිර, මනසින් සුචරිතයෙහි හැසිර, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදියි. මහණෙනි, පුද්ගලයෙක් උතුම් බවින් උතුම් බවට යන්නේ ඔය අයුරිනි.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.
සාදු! සාදු!! සාදු!!!
ඕනතෝනත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M