☰
මහණෙනි, සතර කරුණකින් යුතු තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නේ ය. ඒ කවර සතර කරුණකින් ද යත්;
1. ක්‍රෝධයට ගරු කරයි, නමුත් සද්ධර්මයට ගරු නොකරයි.
2. ගුණමකුකමට ගරු කරයි, නමුත් සද්ධර්මයට ගරු නොකරයි.
3. ලාභයට ගරු කරයි, නමුත් සද්ධර්මයට ගරු නොකරයි.
4.සත්කාරයට ගරු කරයි, නමුත් සද්ධර්මයට ගරු නොකරයි.
මහණෙනි, මේ සතර කරුණෙන් යුතු තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නේ ය.
මහණෙනි, සතර කරුණකින් යුතු තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය. ඒ කවර සතර කරුණකින් ද යත්;
1. සද්ධර්මයට ගරු කරයි, ක්‍රෝධයට ගරු නොකරයි.
2. සද්ධර්මයට ගරු කරයි, ගුණමකුකමට ගරු නොකරයි.
3. සද්ධර්මයට ගරු කරයි, ලාභයට ගරු නොකරයි.
4.සද්ධර්මයට ගරු කරයි, සත්කාරයට ගරු නොකරයි.
මහණෙනි, මේ සතර කරුණෙන් යුතු තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
කෝධගරු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M