මහණෙනි, සතර කරුණකින් යුතු තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නේ ය. ඒ කවර සතර කරුණකින් ද යත්;
නොවිමසා, සම්පූර්ණ වශයෙන් සොයා නොබලා අගුණ කිව යුත්තාගේ ගුණ කියයි. නොවිමසා, සම්පූර්ණ වශයෙන් සොයා නොබලා ගුණ කිව යුත්තාට නින්දා අපහාස කරයි. නොවිමසා, සම්පූර්ණ වශයෙන් සොයා නොබලා නොපැහැදිය යුතු කරුණෙහි පැහැදෙයි. නොවිමසා, සම්පූර්ණ වශයෙන් සොයා නොබලා පැහැදිය යුතු කරුණෙහි අපැහැදෙයි.
මහණෙනි, මේ සතර කරුණෙන් යුතු තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නේ ය.
මහණෙනි, සතර කරුණකින් යුතු තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය. ඒ කවර සතර කරුණකින් ද යත්;
විමසා, සම්පූර්ණ වශයෙන් සොයා බලා අගුණ කිව යුත්තාගේ අගුණ කියයි. විමසා, සම්පූර්ණ වශයෙන් සොයා බලා ගුණ කිව යුත්තාගේ ගුණ කියයි. විමසා, සම්පූර්ණ වශයෙන් සොයා බලා නොපැහැදිය යුතු කරුණෙහි අපැහැදෙයි. විමසා, සම්පූර්ණ වශයෙන් සොයා බලා පැහැදිය යුතු කරුණෙහි පැහැදෙයි.
මහණෙනි, මේ සතර කරුණෙන් යුතු තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
වණ්ණ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M