අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.4.2. මුසාවාදී සුත්තං

4.2.4.2. බොරු කියන්නා ගැන වදාළ දෙසුම

මහණෙනි, සතර කරුණකින් යුතු තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නේ ය. ඒ කවර සතර කරුණකින් ද යත්;

බොරු කියන්නේ වෙයි. කේලාම් කියන්නේ වෙයි. දරුණු වචන කියන්නේ වෙයි. නිසරු බස් කියන්නේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් යුතු තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නේ ය.

මහණෙනි, සතර කරුණකින් යුතු තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය. ඒ කවර සතර කරුණකින් ද යත්;

බොරු කීමෙන් වැළකුණේ වෙයි. කේළාම් කීමෙන් වැළකුණේ වෙයි. දරුණු වචන කීමෙන් වැළකුණේ වෙයි. නිසරු බස් කීමෙන් වැළකුණේ වෙයි.

මහණෙනි, මේ සතර කරුණෙන් යුතු තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

මුසාවාදී සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M