☰
සැවැත් නුවර දී ය……
මහණෙනි, සතර කරුණකින් යුතු තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නේ ය. ඒ කවර සතර කරුණකින් ද යත්;
සතුන් මරන්නේ වෙයි. සොරකම් කරන්නේ වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නේ වෙයි. බොරු කියන්නේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණෙන් යුතු තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නේ ය.
මහණෙනි, සතර කරුණකින් යුතු තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය. ඒ කවර සතර කරුණකින් ද යත්;
සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයි. බොරු කීමෙන් වැළකුණේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණෙන් යුතු තැනැත්තා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
පාණාතිපාතී සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M