සැවැත් නුවර දී ය……
මහණෙනි, සිතන්නට නොයා යුතු එහෙයින් ම නොසිතිය යුතු කරුණු සතරෙකි. යම් බඳු නොසිතිය යුතු යමක් සිතන්නට ගිය විට උම්මත්තක බවට පත්වෙයි ද, දුකට පත් වෙයි ද එය යි. ඒ කවර කරණු සතරක් ද යත්;
1. මහණෙනි, බුදුවරුන්ගේ බුද්ධ විෂය පිළිබඳ ව සිතන්නට නොයා යුතුය. එහෙයින් නොසිතිය යුතුය. යමක් සිතන්නට ගිය විට උමතු බවට පත්වෙයි නම්, දුකට පත් වෙයි නම් මෙය ද කරුණෙකි.
2. මහණෙනි, ධ්‍යාන ඇත්තහුගේ ධ්‍යාන විෂය පිළිබඳ ව සිතන්නට නොයා යුතුය. එහෙයින් නොසිතිය යුතුය. යමක් සිතන්නට ගිය විට උමතු බවට පත්වෙයි නම්, දුකට පත් වෙයි නම් මෙය ද කරුණෙකි.
3. මහණෙනි, කර්ම විපාක පිළිබඳ ව සිතන්නට නොයා යුතුය. එහෙයින් නොසිතිය යුතුය. යමක් සිතන්නට ගිය විට උමතු බවට පත්වෙයි නම්, දුකට පත් වෙයි නම් මෙය ද කරුණෙකි.
4. මහණෙනි, ලෝක චින්තා පිළිබඳ ව සිතන්නට නොයා යුතුය. එහෙයින් නොසිතිය යුතුය. යමක් සිතන්නට ගිය විට උමතු බවට පත්වෙයි නම්, දුකට පත් වෙයි නම් මෙය ද කරුණෙකි.
මහණෙනි, සිතන්නට නොයා යුතු එහෙයින් ම නොසිතිය යුතු කරුණු සතර මෙය යි. යම් බඳු නොසිතිය යුතු යමක් සිතන්නට ගිය විට උම්මත්තක බවට පත්වෙයි ද, දුකට පත් වෙයි ද එය යි.
සාදු! සාදු!! සාදු!!!
අචින්තෙය්‍ය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M