☰
මහණෙනි, අග්ර බවට පත්වීම් සතරකි. කවර සතරක් ද යත්;
රූපයෙන් අග්ර බවට පත්වීම හෙවත් රූපය විදසුන් කොට අරහත්වයට පත්වෙයි. වේදනාවෙන් අග්ර බවට පත්වීම හෙවත් වේදනාව විදසුන් කොට අරහත්වයට පත්වෙයි. සංඥාවෙන් අග්ර බවට පත්වීම හෙවත් සංඥාව විදසුන් කොට අරහත්වයට පත්වෙයි. යම් භවයක උපත ලබා ඒ භවයේදී අරහත්වයට පත් වෙයි ද, එය ඔහුගේ අග්ර භවය වෙයි.
මහණෙනි, මේ වනාහී අග්ර බවට පත්වීම් සතරයි.
සාදු! සාදු!! සාදු!!!
දුතිය අග්ග සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M