අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.3.2. දිට්ඨි අපණ්ණක පටිපදා සුත්තං

4.2.3.2. යහපත් දැක්මෙන් යුතු නිදොස් ප්‍රතිපදාව ගැන වදාළ දෙසුම

මහණෙනි, සතර ධර්මයකින් සමන්විත වූ භික්ෂුව දොස් රහිත වූ ප්‍රතිපදාවකට පිළිපන්නේ වෙයි. ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස ඔහුගේ මාර්ගය සම්පූර්ණ වෙයි. ඒ කවර සතරකින් ද යත්;

මහණෙනි, නෙක්ඛම්ම විතර්කයෙන් යුක්ත වෙයි. අව්‍යාපාද විතර්කයෙන් යුක්ත වෙයි. අවිහිංසා විතර්කයෙන් යුක්ත වෙයි. සම්මා දිට්ඨියෙන් යුක්ත වෙයි.

මහණෙනි, මේ සතර ධර්මයෙන් සමන්විත වූ භික්ෂුව දොස් රහිත වූ ප්‍රතිපදාවකට පිළිපන්නේ වෙයි. ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස ඔහුගේ මාර්ගය සම්පූර්ණ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

දිට්ඨි අපණ්ණක පටිපදා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M