අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.3.1. අපණ්ණක පටිපදා සුත්තං

4.2.3.1. නිදොස් ප්‍රතිපදාව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය……

මහණෙනි, සතර ධර්මයකින් සමන්විත වූ භික්ෂුව දොස් රහිත වූ ප්‍රතිපදාවකට පිළිපන්නේ වෙයි. ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස ඔහුගේ මාර්ගය සම්පූර්ණ වෙයි. ඒ කවර සතරකින් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙයි. බහුශ්‍රැත වෙයි. පටන් ගත් වීරිය ඇත්තේ වෙයි. ප්‍රඥාවන්ත වෙයි.

මහණෙනි, මේ සතර ධර්මයෙන් සමන්විත වූ භික්ෂුව දොස් රහිත වූ ප්‍රතිපදාවකට පිළිපන්නේ වෙයි. ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස ඔහුගේ මාර්ගය සම්පූර්ණ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

අපණ්ණක පටිපදා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M