එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූටයෙහි වැඩවාසය කරන සේක. එකල්හී සංඝභේද කළ දේවදත්ත පිරිසෙන් බැහැර ගොස් නොබෝ කලකි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් අරභයා භික්ෂූන් අමතා වදාළ සේක.
“මහණෙනි, දේවදත්තයා හට තමාගේ විනාශය පිණිස ලාභ, සත්කාර හා පිරිවර ලැබුණේ ය. මහණෙනි, දේවදත්තයාගේ පිරිහීම පිණිස ලාභ, සත්කාර හා පිරිවර ලැබුණේ ය.
මහණෙනි, එය මෙබඳු දෙයකි. කෙසෙල් ගස ඵල ලබා දෙන්නේ තමාගේ විනාශය පිණිස යි. තමාගේ පිරිහීම පිණිස යි. එසෙයින් මහණෙනි, දේවදත්තයා හට තමාගේ විනාශය පිණිස ලාභ, සත්කාර හා පිරිවර ලැබුණේ ය. මහණෙනි, දේවදත්තයාගේ පිරිහීම පිණිස ලාභ, සත්කාර හා පිරිවර ලැබුණේ ය.
මහණෙනි, එය මෙබඳු දෙයකි. උණ ගස ඵල ලබා දෙන්නේ තමාගේ විනාශය පිණිස යි. තමාගේ පිරිහීම පිණිස යි. එසෙයින් මහණෙනි, දේවදත්තයා හට තමාගේ විනාශය පිණිස ලාභ, සත්කාර හා පිරිවර ලැබුණේ ය. මහණෙනි, දේවදත්තයාගේ පිරිහීම පිණිස ලාභ, සත්කාර හා පිරිවර ලැබුණේ ය.
මහණෙනි, එය මෙබඳු දෙයකි. බට ගස ඵල ලබා දෙන්නේ තමාගේ විනාශය පිණිස යි. තමාගේ පිරිහීම පිණිස යි. එසෙයින් මහණෙනි, දේවදත්තයා හට තමාගේ විනාශය පිණිස ලාභ, සත්කාර හා පිරිවර ලැබුණේ ය. මහණෙනි, දේවදත්තයාගේ පිරිහීම පිණිස ලාභ, සත්කාර හා පිරිවර ලැබුණේ ය.
මහණෙනි, එය මෙබඳු දෙයකි. බූරුවෙකු නිසා වෙළඹකගේ කුසේ උපන් අශ්වතරිය ගැබ් ගන්නේ තමාගේ විනාශය පිණිස යි. එසෙයින් මහණෙනි, දේවදත්තයා හට තමාගේ විනාශය පිණිස ලාභ, සත්කාර හා පිරිවර ලැබුණේ ය. මහණෙනි, දේවදත්තයාගේ පිරිහීම පිණිස ලාභ, සත්කාර හා පිරිවර ලැබුණේ ය.
(ගාථා)
1. යම් සේ ඒකාන්තයෙන් ඵලය කෙසෙල් ගස වනසයි ද, ඵලය උණ ගස වනසයි ද, ඵලය බට ගස වනසයි ද, ගැබ්ගැනීම අශ්වතරිය වනසයි ද, එසෙයින් ම සත්කාරය අසත්පුරුෂයා ව වනසන්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
දේවදත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M