අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.2.6. සාරග පුග්ගල සුත්තං

4.2.2.6. රාග සහිත පුද්ගලයා ගැන වදාළ දෙසුම

මහණෙනි, පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයේ දකින්නට සිටිති. ඒ කවර සතර දෙනෙක් ද යත්;

රාග සහිත පුද්ගලයා ය, ද්වේෂ සහිත පුද්ගලයා ය, මෝහ සහිත පුද්ගලයා ය, මාන්නය සහිත පුද්ගලයා ය.

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනා ලෝකයේ දකින්නට සිටිති.

(ගාථා)

1. කෙලෙස් ඇතිවෙන රූපාදී අරමුණු කෙරෙහි ඇලී සිටින්නා වූ ප්‍රිය ස්වභාව ඇති අරමුණු සතුටින් වැළඳ ගන්නා වූ ත්, මුලාවෙන් නීච බවට පත් සත්වයෝ සංසාර බන්ධනයෙන් බැඳි බැඳී යති.

2. අවිද්‍යාවෙන් යුතු සත්වයෝ රාගයෙනුත් උපන්, ද්වේෂයෙනුත් උපන්, මෝහයෙනුත් උපන් දුක් සහිත වූ, අනාගතයෙහි දුක් විපාක දෙන අකුසල කර්මයන් කරති.

3. අවිද්‍යාවෙන් ම වට වී ඇති, ප්‍රඥා ඇසින් තොර වූ, අන්ධභූත වූ පුරුෂයෝ තමාගේ කෙලෙස් තිබෙන්නේ යම් අයුරින් ද, ඒ අයුරින් ම අකුසලයට ඇද වැටෙති. අපට මෙබඳු වූ ස්වභාවයක් ඇත්තේ යැයි හඳුනා නොගනිති.

සාදු! සාදු!! සාදු!!!

සාරගපුග්ගල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M