මහණෙනි, ලෝකයෙහි පුද්ගලයෝ සතර දෙනෙක් පැහැදිලි ව දකින්නට සිටිති. ඒ කවර පුද්ගලයෝ සතරක් ද යත්;
1. රූපය මිනුම් දණ්ඩ කොට රූපය කෙරෙහි පැහැදුණු තැනැත්තා.
2. ශබ්දය මිනුම් දණ්ඩ කොට හඬ කෙරෙහි පැහැදුණු තැනැත්තා.
3. රූක්ෂ චර්යාව මිනුම් දණ්ඩ කොට රූක්ෂ චර්යාව කෙරෙහි පැහැදුණු තැනැත්තා.
4. ධර්මය මිනුම් දණ්ඩ කොට ධර්මය කෙරෙහි පැහැදුණු තැනැත්තා.
මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනා පැහැදිලි ව දකින්නට සිටිති.
(ගාථා)
1. යම් කෙනෙක් රූපය මිනුම් දණ්ඩ කොට ගත්තාහු ද, තව කෙනෙක් කටහඬ මිනුම් දණ්ඩ කරගත්තාහු ද, ඔවුහු ඡන්දරාග වසඟයට පත්වූවාහු ය. සත්පුරුෂයා ජනයා ව හඳුනා නොගනිති.
2. කෙනෙකුගේ අභ්‍යන්තරයේ ඇති දේ ත් නොදනිති. බාහිර ඇති දේ ත් නොදනිති. හාත්පසින් ම දැනුම අවුරාගෙන සිටින ඒ අනුවණ තැනැත්තා අන්‍යයන්ගේ වචනයෙන් මිනුම් කරන්නේ වෙයි.
3. කෙනෙකුගේ අභ්‍යන්තර දේ නොදනියි. නමුත් බාහිර ඇති දේ දකියි. බාහිරින් කෙනෙකුට ලැබෙන ලාභාසත්කාරාදිය දෙස බලා අන්‍යයන්ගේ වචනයෙන් මනින්නේ වෙයි.
4. කෙනෙකුගේ අභ්‍යන්තර දේ ත් දනියි. බාහිර වැඩපිළිවෙල ත් දනියි. ආවරණ රහිත ව කරුණු විමසා දකිනා හේ අනුන්ගේ වචනයෙන් මනින්නට නොයයි.
සාදු! සාදු!! සාදු!!!
රූපප්පමාණ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M