මහණෙනි, බොජුන් පුදන දායක තෙමේ ඒ දන් පිළිගන්නවුන් හට සතර කරුණක් දෙන්නේ ය. ඒ කවර සතර කරුණක් ද යත්;
ආයුෂය දෙයි, පැහැය දෙයි, සැපය දෙයි, සවිය දෙයි.
ආයුෂය දන් දී දිව්‍ය හෝ මනුෂ්‍ය හෝ උපතක් ලැබූ විට ආයුෂයට හිමිකාරයෙක් වෙයි. පැහැය දන් දී දිව්‍ය හෝ මනුෂ්‍ය හෝ උපතක් ලැබූ විට පැහැයට හිමිකාරයෙක් වෙයි. සැපය දන් දී දිව්‍ය හෝ මනුෂ්‍ය හෝ උපතක් ලැබූ විට සැපයට හිමිකාරයෙක් වෙයි. සවිය දන් දී දිව්‍ය හෝ මනුෂ්‍ය හෝ උපතක් ලැබූ විට සවියට හිමිකාරයෙක් වෙයි.
මහණෙනි, බොජුන් පුදන ආර්ය ශ්‍රාවක තෙමේ ඒ දන් පිළිගන්නවුන් හට මේ සතර කරුණ දෙන්නේ ය.
යමෙක් සංයත වූ ඉඳුරන් ඇති, අනුන් දුන් බොජුනෙන් යැපෙන, මුනිවරුන් හට කැප කාලයෙහි සකස් කොට බොජුන් පුදයි ද, හේ ආයුෂය ත්, වර්ණය ත්, සැපය ත්, සවිය ත් යන කරුණු සතර පිදුවේ වෙයි.
ආයුෂ දන් දෙන, සවිය ද දන් දෙන, සැපය ත් පැහැය ත් දන් දෙන ඒ මනුෂ්‍ය තෙමේ යම් යම් තැනක උපදින්නේ වෙයි ද, දීර්ඝායුෂ ඇත්තේ වෙයි. මහා පිරිවරින් යුක්ත වූයේ වෙයි.
භෝජන දායක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M