අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.1.10. ගිහී සාමීචිපටිපදා සුත්තං

4.2.1.10. ගිහි සාමීචි ප්‍රතිපදාව ගැන වදාළ දෙසුම

අථ ඛෝ අනාථපිණ්ඩිකෝ ගහපති යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ අනාථපිණ්ඩිකං ගහපතිං භගවා ඒතදවෝච:

එකල්හී අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් අනාථපිණ්ඩික ගෘහපතිතුමාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“චතූහි ඛෝ ගහපති, ධම්මේහි සමන්නාගතෝ අරියසාවකෝ ගිහිසාමීචිපටිපදං පටිපන්නෝ හෝති යසෝපටිලාභිනිං සග්ගසංවත්තනිකං. කතමේහි චතූහි?

“ගෘහපතිය, සතර කරුණකින් යුක්ත වූ ආර්ය ශ්‍රාවක තෙමේ ගිහි සාමීචි ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි. පිරිවර සම්පත් ලැබීමට ත්, සුගතියෙහි ඉපදීමට ත්, හේතු වන්නේ වෙයි. කවර සතර කරුණකින් ද යත්;

ඉධ ගහපති, අරියසාවකෝ භික්ඛුසංඝං පච්චුපට්ඨිතෝ හෝති චීවරේන, භික්ඛුසංඝං පච්චුපට්ඨිතෝ හෝති පිණ්ඩපාතේන, භික්ඛුසංඝං පච්චුපට්ඨිතෝ හෝති සේනාසනේන, භික්ඛුසංඝං පච්චුපට්ඨිතෝ හෝති ගිලානපච්චයභේසජ්ජපරික්ඛාරේන.

ගෘහපතිය, මෙහිලා ආර්ය ශ්‍රාවක තෙමේ භික්ෂු සංඝයා හට සිවුරෙන් පිදීම පිණිස එළැඹ සිටියේ වෙයි. භික්ෂු සංඝයා හට දන් පිදීම පිණිස එළැඹ සිටියේ වෙයි. භික්ෂු සංඝයා හට කුටි සෙනසුන් පිදීම පිණිස එළැඹ සිටියේ වෙයි. භික්ෂු සංඝයා හට ගිලන්පස බෙහෙත් පිරිකර පිදීම පිණිස එළැඹ සිටියේ වෙයි.

ඉමේහි ඛෝ ගහපති, චතූහි ධම්මේහි සමන්නාගතෝ අරියසාවකෝ ගිහීසාමීචිපටිපදං පටිපන්නෝ හෝති යසෝපටිලාභිනිං සග්ගසංවත්තනික”න්ති.

ගෘහපතිය, මේ සතර කරුණෙන් යුක්ත වූ ආර්ය ශ්‍රාවක තෙමේ ගිහි සාමීචි ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි. පිරිවර සම්පත් ලැබීමට ත්, සුගතියෙහි ඉපදීමට ත්, හේතු වන්නේ වෙයි.

“ගිහිසාමීචිපටිපදං, පටිපජ්ජන්ති පණ්ඩිතා;
සම්මග්ගතේ සීලවන්තේ, චීවරේන උපට්ඨිතා.
පිණ්ඩපාතසයනේන, ගිලානපච්චයේන ච;

යහපත් මගට පිළිපන් සිල්වතුන් වහන්සේලා උදෙසා සිවුරු, පිණ්ඩපාත, සයනාසන, ගිලන්පස ආදියෙන් උපස්ථාන කරන නුවණැති ගිහියෝ ගිහි සාමීචි ප්‍රතිපදාවට පිළිපන්නාහු වෙති.

තේසං දිවා ච රත්තෝ ච, සදා පුඤ්ඤං පවඩ්ඪති;
සග්ගඤ්ච කමතිට්ඨානං කම්මං කත්වාන භද්දක”න්ති.

ඔවුන් හට දිවා රාත්‍රී දෙක්හි නිරතුරු ව පින් වැඩෙයි. සොඳුරු වූ පුණ්‍ය කර්මයක් කොට ඔවුහු ස්වර්ගයට යන්නාහු ය.

ගිහීසාමීචිපටිපදා සූත්‍රය නිමා විය.

පුඤ්ඤාභිසන්දවග්ගෝ පඨමෝ.

පළමුවෙනි පුඤ්ඤාභිසන්ද වර්ගය අවසන් විය.

තස්සුද්දානං –

එහි පිළිවෙල උද්දානයයි :

ද්වේ පුඤ්ඤාභිසන්දා ද්වේ සංවාසා ද්වේ ච හොන්ති සමජීවිනෝ;
සුප්පවාසා සුදත්තෝ ච, භෝජනං ගිහිසාමිචීනාති.

පුඤ්ඤාභිසන්ද සූත්‍ර දෙක, සංවාස සූත්‍ර දෙක, සමජීවී සූත්‍ර දෙක, සුප්පාවාස සූත්‍රය, සුදත්ත සූත්‍රය, භෝජන සූත්‍රය සහ ගිහී සාමීචි සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M