අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.2.1.7. සුප්පාවාසා සුත්තං

4.2.1.7. සුප්පාවාසා උපාසිකාවට වදාළ දෙසුම

ඒකං සමයං භගවා කෝලියේසු විහරති සජ්ජනේලං නාම කෝලියානං නිගමෝ. අථ ඛෝ භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යේන සුප්පවාසාය කෝලියධීතාය නිවේසනං තේනුපසංකමි. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි.

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි සජ්ජනේල නම් කෝලියවරුන්ගේ නියම්ගමෙහි වැඩවෙසෙති. එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවා ගෙන පාත්‍රය හා සිවුර ගෙන සුප්පාවාසා නම් කෝලිය රාජ දියණියගේ නිවසට වැඩම කළ සේක. වැඩමකොට පැණවූ අසුනෙහි වැඩහුන් සේක.

අථ ඛෝ සුප්පවාසා කෝලියධීතා භගවන්තං පණීතේන ඛාදනීයේන භෝජනීයේන සහත්ථා සන්තප්පේසි, සම්පවාරේසි. අථ ඛෝ සුප්පවාසා කෝලියධීතා භගවන්තං භුත්තාවිං ඕනීතපත්තපාණිං ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ සුප්පවාසං කෝලියධීතරං භගවා ඒතදවෝච:

එකල්හී සුප්පාවාසා කෝලිය රාජදියණිය භාග්‍යවතුන් වහන්සේ ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍යයෙන් සියතින් ම පිළිගැන්නුවා ය. මැනැවින් උපස්ථාන කළා ය. ඉක්බිති දන් වළඳා අවසන් වූ පාත්‍රයෙන් ඉවතට ගත් ශ්‍රී හස්තය ඇති භාග්‍යවතුන් වහන්සේ දැක කෝලිය රාජදියණිය එකත්පස්ව හුන්නා ය. එකත්පස් ව හුන් සුප්පාවාසා කෝලිය රාජදියණියට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“භෝජනං සුප්පවාසේ, දෙන්තී අරියසාවිකා පටිග්ගාහකානං චත්තාරි ඨානානි දේති. කතමානි චත්තාරි?

“සුප්පාවාසාවෙනි, බොජුන් පුදන ආර්ය ශ්‍රාවිකා තොමෝ ඒ දන් පිළි ගන්නවුන් හට සතර කරුණක් දෙන්නී ය. ඒ කවර සතර කරුණක් ද යත්;

ආයුං දේති, වණ්ණං දේති, සුඛං දේති, බලං දේති. ආයුං ඛෝ පන දත්වා ආයුස්ස භාගිනී හෝති. දිබ්බස්ස වා මානුසස්ස වා. වණ්ණං දත්වා වණ්ණස්ස භාගිනී හෝති දිබ්බස්ස වා මානුසස්ස වා. සුඛං දත්වා සුඛස්ස භාගිනී හෝති දිබ්බස්ස වා මානුසස්ස වා. බලං දත්වා බලස්ස භාගිනී හෝති දිබ්බස්ස වා මානුසස්ස වා. භෝජනං සුප්පවාසේ, දෙන්තී අරියසාවිකා පටිග්ගාහකානං ඉමානි චත්තාරි ඨානානි දේතී”ති.

ආයුෂය දෙයි, පැහැය දෙයි, සැපය දෙයි, සවිය දෙයි.

ආයුෂය දන් දී දිව්‍ය හෝ මනුෂ්‍ය හෝ උපතක් ලැබූ විට ආයුෂයට හිමිකාරියක් වෙයි. පැහැය දන් දී දිව්‍ය හෝ මනුෂ්‍ය හෝ උපතක් ලැබූ විට පැහැයට හිමිකාරියක් වෙයි. සැපය දන් දී දිව්‍ය හෝ මනුෂ්‍ය හෝ උපතක් ලැබූ විට සැපයට හිමිකාරියක් වෙයි. සවිය දන් දී දිව්‍ය හෝ මනුෂ්‍ය හෝ උපතක් ලැබූ විට සවියට හිමිකාරියක් වෙයි.

සුප්පාවාසාවෙනි, බොජුන් පුදන ආර්ය ශ්‍රාවිකා තොමෝ ඒ දන් පිළිගන්නවුන් හට මේ සතර කරුණ දෙන්නී ය.

“සුසංඛතං භෝජනං යා දදාති, සුචිං පණීතං රසසා උපේතං;
සා දක්ඛිණා උජ්ජුගතේසු දින්නා, චරණොපපන්නේසු මහග්ගතේසු;
පුඤ්ඤේන පුඤ්ඤං සංසන්දමානා, මහප්ඵලා ලෝකවිදූන වණ්ණිතා.

යම් ආර්ය ශ්‍රාවිකාවක් ඉතා පිරිසිදු වූ රසයෙන් ප්‍රණීත වූ බොජුන් මනාකොට සකසා පුදන්නී වෙයි ද, ඒ දක්ෂිණාව දෙන ලද්දේ උතුම් චරණ ගුණයෙන් යුක්ත වූ ඍජු මගෙහි පිළිපන් මහා ගුණැති රහතුන් විෂයෙහි ය. බුදුරජුන් විසින් වර්ණනා කරන ලද එම දානය පිනෙන් පින සසඳන කල්හී,

“ඒතාදිසං යඤ්ඤමනුස්සරන්තා, යේ වේදජාතා විචරන්ති ලෝකේ;
විනෙය්‍ය මච්ඡේරමලං සමූලං, අනින්දිතා සග්ගමුපෙන්ති ඨාන”න්ති.

මේ අයුරින් පින සිහි කරන කල්හී යමෙක් උපන් චිත්ත ප්‍රීතියෙන් යුතුව ලොවෙහි වෙසෙත් ද, ඔවුහු මසුරුමල මුලින් ම සිඳ නින්දා රහිත වූ ස්වර්ගය කරා යති.

සුප්පාවාසා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-2-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M